ශාන්තිකර්මයකට පැමිණි යකැදුරාගෙන් කාන්තාවන් දෙදෙනකුට අතවර

705


හැලිඇළ පොලිස් වසමේ බෝගොඩල ලන්දේවෙල ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමට පැමිණි යකැදුරෙකු විසින් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක් දූෂණය කර ඇතැයි වාර්තා වේ.
නිවසට පැමිණි යකැදුරා ඊයේ (31දා) අලුයම ශාන්තිකර්මය සිදුකරන අතරතුර නිවසේ සිටි සියලුම පිරිමි පුද්ගලයින්ට නිවසෙන් ඉවත්ව අසල ප්‍රදේශවල මංසන්ධිවලට ගොස් සිටින ලෙස දන්වා ඉන් පසු නිවසේ සිටි 45 හැවිරිදි කාන්තාවකට සහ 19 හැවිරිදි තරුණියකට අතවර කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ නිවසේ තිබු දෝෂයක් ඉවත් කිරීම සඳහා ගෙහිමියන් විසින් යකැදුරා ගෙන්වා ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment