ශාන්තිකර්මයක් අස්සේ කතකට කැත වැඩක් කරන්න ගිය කපුවා කපෝති

1016

හලාවත මාදම්පේ පොලිස් වසමට අයත් සෙම්බුකට්ටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්තිකර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට කටයුතු කළ බව කියන කපුවෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

26 වෙනි දින රාත‍්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.

අත්අඩංගුවට පත් කපුවා එම ප‍්‍රදේශයේ තම හිතවතකුගේ නිවසක මෙම දේවාලය පවත්වාගෙන යන අතර සිද්ධියට මුහුණ දුන් කාන්තාව ශාන්තිකර්මයක් සිදුකිරීමට ඇගේ මව සමග එම දේවාලයට පැමිණ තිබේ. එම අවස්ථාවේ ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙස කපුවා මවට පවසා තිබේ. ඒ අතරතුර මෙම කාන්තාවට ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ.

මෙම දේවාලයේ පවත්වාගෙන යන කපුවා දුම්මලසූරිය යගන්වෙල ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වේ. මීට මාස 7කට පමණ පෙර මෙම ගම්මානයට පැමිණ ඔහුගේ හිතවතුන්ගේ නිවසක දේවාලය පවත්වාගෙන යාමට කටයුතු කර ඇති බව ප‍්‍රදේශවාසීන් පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් පසු ප‍්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනෙකුට ලිංගික අතවර කිරීමට කටයුතු කිරීමට උත්සාහ කර ඇති බව ප‍්‍රදේශවාසීහු පැවසුහ. කෙසේ වෙතත් එම සිද්ධීන් සම්බන්ධව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු නොකර ඇත්තේ සමාජයට මුහුණ දීමට නොහැකි වීම නිසා බව සිද්ධියට මුහුණ දුන් අයගේ දෙමව්පියන් සහ ඥාතී හිතවතුන් කියා සිටිති.

අත්අඩංගුවට පත් විවාහක කපුවා වයස අවුරුදු 8 සහ 10 දරුවන් දෙදෙනකුගේ පියෙකු බව පොලිසිය ස`දහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකාර කපුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතාගේ උපදෙස් මත මාදම්පේ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතා ,උප පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් සැරයන් 3460 කිත්සිරි යන අය සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කරයි.

අමරනන්ද විජේසේකර-මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment