ශාන්ත බණ්ඩාරට විපක්ෂයේ විරෝධය: විනාඩි 10කට සභාව කල් තබයි

189

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ වත්මන් රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශයක් කිරීමට යෑමේදී විපක්ෂයෙන් විරෝධය එල්ල වීම නිසා පාර්ලිමේන්තු කටයුතු ඊයේ (19 දා) විනාඩි 10කට පමණ කල්තැබීමට කථානායකවරයාට සිදු විය.

ශාන්ත බණ්ඩාර මහතා අදහස් දැක්වීමේදී ආණ්ඩුවට සහාය නොදී රට භාර දෙන්නේ කුමාර දිසානායකට හෝ සජිත් ප්‍රේමදාසට දැයි ප්‍රශ්න කිරීමත් සමග ඔහුට විපක්ෂයේ විරෝධය එල්ල විය. අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව කල්තබා නැඟිට ගිය අතර නැවත විනාඩි 10කට පමණ පසුව සභාවේ කටයුතු යළි ආරම්භ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment