ශානිට ආරක්ෂාව

423


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා එම දැනුම්දීම සිදුකළේය.

advertistmentadvertistment
advertistmentadvertistment