ශානිට ස්වභාවික මරණයක්  ගේන්න ආණ්ඩුව වැඩ – සජිත්

246

අපේ රජය කාගෙන්වත් පළිගන්නේ නෑ – දිනේෂ්

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතා සැලසුම් සහගත ලෙස ස්වභාවික මරණයකට ලක්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා* චෝදනා කළේය.

ඊට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ පසුගිය

රජය සමයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ක‍්‍රමානුකූලව ජීවිතක්‍ෂයට පත් කිරීමට ක‍්‍රියා කළ ආකාරයට වත්මන් ආණ්ඩුව කිසිවකුගෙන් පළිගැනීමක් නොකරන බවය.

රනිල් වික‍්‍රමසිංහ මහතා –

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර මහතාගේ ජීවිතය පිළිබඳ බරපතළ අවදානමක් තිබෙනවා. එතුමා ඉලක්ක කරගෙන තිබෙන මේ ආණ්ඩුවේ වර්තමාන ක‍්‍රියාකලාපය ඉතාමත් කනගාටුදායකයි. ඉතා බියගුළු සම්පන්න ක‍්‍රියාදාමයක් සිදුවෙනවා. ඒ වගේම කුප‍්‍රකට ආකාරයෙන් සැලසුම් සහගතව ඔහුව ස්වභාවික මරණයකට යොමුකරන්න සැලසුම් කර තිබෙනවා කියන සැකය මතු වෙනවා. ඔහු එදා සිරගත කර සිටින විටත් ඔහුගේ ජීවිත අයිතිය වෙනුවෙන් කතා කළා. ඒ නිසා අදත් අපි අවධානය යොමුකරනවා එතුමාගේ ජීවිත ආරක්‍ෂාව පිළිබඳව.

දිනේෂ් ගුණවර්ධන මහතා –

ශානි අබේසේකර මහතාගේ ජීවිතයට හානියක් කරන්න ඉඩක් තියලා නෑ. ඔහු ගැන තියෙන චෝදනාවන් සහ ඒ වගවිභාගයන් ගැන ප‍්‍රශ්නය අධිකරණය හමුවේ තිබෙනවා. ජීවිත ආරක්‍ෂාව විනාශ කරන්න යනවා කියන චෝදනාව අපි ප‍්‍රතික්‍ෂේප කරනවා.

මම කියන්න ඕනෑ හිටපු ඞී.අයි.ජී. අනුර සේනානායක මහතාව අත්අඩංගුවට අරගෙන ක‍්‍රමානුකූලව ජීවිතය විනාශ කළා. අවසානයේදී ඔහු ජීවිතක්‍ෂයට පත්වුණා. මෙතුමාලාගේ කාලයේ වුණු දේවල් ඒවා. මේවා එකින් එක හාර අවුස්සන්න යන්න ඕනෑ නෑ. අපේ රජය කාගෙන්වත් පළිගන්න යන්නේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment