ශානි යළි කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටිය යුතු නැතැයි උසාවිය කියයි

403


හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් වූ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැක කරුවන් ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර
සහ සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට
කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීම ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ප්‍රතික්ෂේප කර ඇත.
එම නඩුව අධිකරණය හමුවේ කැඳවන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයපසුගිය 24 වෙනිදා මෝසම් පත්‍රයක් මගින් ඉල්ලා තිබුණි.
එම ඉල්ලීම මත නඩුව කැඳවූ අවස්ථාවේ දී සිදු කෙරෙන පරීක්ෂණ වලට
අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට එම සැකකරුවන් තිදෙනාට පෙර අවස්ථාවකදී අධිකරණය මගින් නියෝග කර ඇති හෙයින් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප විය.

advertistmentadvertistment
advertistmentadvertistment