ශානි රට පනියිද කියා ගුවන්තොට විමසිල්ලෙන්

303

කීර්ති වර්ණකුලසූරිය
 
 

විදේශ තානාපති කාර්යාලයක සහයෙන් හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර විදේශගත වීමට ඉඩ ඇති නිසා අවධානයෙන් සිටින ලෙස රජයේ බලධාරීන් කටුනායක ගුවන්තොටුපළේ නිලධාරීන්ට දන්වා ඇත.
 
 රහස් පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ පවුලේ අය ස්විස් තානාපති කාර්යාලයේ සහයෙන් ස්විස්ටර්ලන්තයේ සුරිච් නුවර වෙත පැනගොස් තිබිණි. මෙයට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු ද කටුනායකින් විදේශගතව තිබිණි. තානාපති වරප‍්‍රසාදවලට මුවාවී විදේශ තානාපති කාර්යාලයක් ශානි අබේසේකරට දේශපාලන රැකවරණය දීමට තීරණය කර ඇති බව රජයට වාර්තා වී තිබේ. මේ අතර විශ‍්‍රාම ලැබ සිටින ශානි අබේසේකරට ඇත්තටම තර්ජන එල්ලවූයේ දැයි රජය පරීක්‍ෂණ අරඹා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment