ශාරීරික, මානසික සහ ආධ්‍යාත්මික ශක්තීන්  දියුණු කරන යෝග

604

යෝග යනු පෙරදිග භාවිතයේදී ශාරීරික මානසික, ආධ්‍යාත්මික ප්‍රායෝගික අභ්‍යාස ක්‍රමයකි. හින්දු, බෞද්ධ, ජෛන ආගම්වල යෝගා පුහුණුවීම සහ ඉලක්ක පිළිබඳ විවිධ මතයන් පවතී. ක්‍රිස්තු පූර්ව පස්වන හයවන සියවස්වල පුරාතන භාරතයේ තපස් සහ ශ්‍රමණ සම්ප්‍රදායන් තුළ ක්‍රමානුකූල අධ්‍යයනයක් සහ අභ්‍යාසයක් ලෙස යෝග වර්ධනය විය.

 අතිලෝකෝත්තර ධර්මයක් දේශනා කළ බුදුපියාණන්වහන්සේ යෝගීශ්වර යන නාමයෙන් හැඳින්විය. ආරෝග්‍යා පරමාලාභ හෙවත් නිරෝගීකම උත්තම ලාභය ලෙස සලකා උන්වහන්සේද වජ්‍රාසන ආදියෙහි යෙදුණු සේක. නිදි නැත්තාට නින්දද, පියකරු නැති තැනැත්තාට පියකරුභාවයද, දුර්වලයාට ශක්තියද, ගෙනදෙන අභ්‍යන්තරික ප්‍රඥාවට යන පංච කෝෂමය ක්‍රමවේද එහි පැවතුණි.

 යෝග පිළිබඳ වඩාත්ම සවිස්තරාත්මක පාඨය පාතාංජලීගේ යෝග ශාස්ත්‍රය තුළ දැක්වේ. එහි ද්විත්ව යෝග මාර්ගයක් පිළිබඳව දැක්වේ. එනම් භක්ති යෝග සහ හථ යෝගයි. හථ යෝග තුළ භෞතිකමය ක්‍රමයක් ඔස්සේ පරමාත්මය හා එක්වීමක් පිළිබඳ කියැවේ. එහි යාම, නියාම, ආසන, ප්‍රාණ යාම, ප්‍රත්‍ය ආහාර, ධාරණ, ධ්‍යාන සහ සමාධි යනු එම අෂ්ඨ අංගයි.

 යෝග යන්නට පාලි හා සංස්කෘත භාෂාවල භාවනාව යන අර්ථය ගෙනදෙයි. උපනිෂද් යුගයේ බ්‍රහ්මත්වය හා ඒකාත්මිකවීමේ අර්ථයෙන් යෝගා භාවිත විය. බටහිර ලෝකයේ යෝගා යන්නට නවීන ආකාරයක් එක්කර ඇත. ඉරියව් මත පදනම් වූ ශාරීරික යෝග්‍යතාවය, ආතතිය දුරලීම සහනය ඇතිකිරීම ලිහිල් කිරීමේ ක්‍රමවේදයන් එහි අන්තර්ගතය.

 එනයින් සලකා බලන කල ඈත අතීතයේ සිටම එන ගැඹුරු ධර්මතාවයක් යෝග තුළ පවතී. යෝගා තුළ ආසන පැවතියද යෝග යනු ආසනම නොවන බව උක්ත මතයන් පිරික්සීමේදී සනාථ වේ. මේ අතර ආහාරමය කෝෂ (අන්න කෝෂ) ප්‍රාණ කෝෂ, මනෝ කෝෂ, විඤ්ඤාණ කෝෂ ආදිය ද එහි පවතී. මූලාධාර චක්‍රය, මණිපුර චක්‍රය, අනාහත චක්‍රය, විශුද්ධි චක්‍රය, ආඥා චක්‍රය, සහස්‍ර චක්‍රය කුණ්ඩලනි ශක්තිය අවදි කරගැනීමක් ආදිය පිළිබඳව එහිදී සාකච්ඡා වෙයි. අප ශරීරයේ නාඩි පද්ධතියේ ක්‍රියාකාරිත්වය උදෙසා උපයෝගී වන වායුධාරා පහක් පිළිබඳ යෝග විද්‍යාවේ දැක්වේ. ඒවා බැඳී පවතින්නේ ශරීරයේ ඉහත දැක්වූ චක්‍රයන් ආශ්‍රිතවය.

 හෘදය – ප්‍රාණ වායුව, ගුදය – අපාන වායුව, නාභිය – සමාන වායුව, බෙල්ල – උදාන වායුව, ශරීරය – සියලු කෝෂ මූලයන්ගේ ව්‍යාන වායුව

 අප සාමාන්‍යයෙන් දන්නා ආශ්වාස ප්‍රශ්වාස වායු ධාරා පමණක් නොව යෝග විද්‍යාවේදී යහපත් ශරීර යාන්ත්‍රණයකට මෙම පංච වායු ධාරාවන් හේතුවන බව ඉගැන්වෙයි. මෙම වායු ධාරා පිළිබඳ යෝග විද්‍යාව තුළ කතා කිරීමට හේතු වන්නේ ශරීරය පුරා ඇති නාඩි 72,000 ක්‍රියාත්මක වීම උදෙසා මෙම වායු හේතු සාධක වීමයි. මෙම වායු හොඳින් ක්‍රියාත්මක වීම තුළින් සිරුර පුරා දිවෙන ධමනි හරහා නාඩි ක්‍රියාත්මක වීම සිදුවේ.

 මෙලෙස යෝග පිළිබඳ Human bද්‍යology මානව ජීවවිද්‍යාව, human physද්‍යology මානව කායික විද්‍යාව, human psychology  මානව මනෝවිද්‍යාව,  anatomy ව්‍යුහ විද්‍යාව යනාදී විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ සාකච්ඡා කෙරේ.

 අතුරුගිරිය පාර මාලඹේ පිහිටි Yoga therapy traද්‍යnද්‍යng campus හරහා ඔබට යෝගා අධ්‍යයනයට අවස්ථාව හිමිව ඇත.

 ජාත්‍යන්තර තලයේ පාඨමාලාවක් ලෙසින් මෙන්ම ශාරීරික, මානසික, ආධ්‍යාත්මික ස්වභාවික, චිකිත්සක ක්‍රමවේදයන් ලොව ප්‍රථම වතාවට වෛද්‍ය විද්‍යානුකූලව යෝග විද්‍යානුකූලව ඉගෙනීමට මෙහිදී අවස්ථාව ලැබේ. ඒ අනුව
 Yoga therapy” Diploma” High diploma” Doctor of Yoga science ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව හිමිවෙනු ඇත.

 අ.පො.ස. උසස් පෙළ සමත් වයස අවුරුදු 18-35ත් අතර ඔබට ජාත්‍යන්තර තලයේ වෘත්තිකයෙකු වීමේ අවස්ථාව මින් ලැබෙන අතර කිසිදු මුදල් අයකිරීමකින් තොරව හය මසකින් අනතුරුව ඔබේ අතට මුදල් ලැබෙන දේශීය සහ විදේශීය අත්දැකීම් සමුදායක් සමගින් දෙවසරක  Yoga therapy පාඨමාලාව වැඩි කාලයක් ඔබ වෙනුවෙන් කැපවූ ප්‍රවීණ ආචාර්ය මහාචාර්යවරුන් යටතේ පුහුණුව ලබාගත හැක. සතියකට දින හතරක් ලෙසින් මසකට දින දාසයක් වසර දෙකක් තුළ දින 384ක පාඨමාලා කාලයක්. පැය 1536ක් ආවරණය වන පරිදි මනා පුහුණුවක් තුළින් අනාගත ලොව අභියෝග ජයගත හැකි ජාත්‍යන්තර තලයේ ලොව ප්‍රථම Yoga therapy පාඨමාලාව මාලඹේ දී සහ මාතර දී හැදෑරීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත. සීමිත පිරිසක් බඳවාගන්නා බැවින් ඔබේ අයදුම්පත 0774803890 අංකයට වට්ස්ඇප් කළ හැක.

රවිශාන් කුමාර
 
 සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment