ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරු ඉගැන්වීමෙන් ඉවත් වෙති

236

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මණ්ඩලය අද (14දා) සිට 18 වැනිදා දක්වා දින හතරක් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වන බවට ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය මණ්ඩල වෘත්තීය සමිතිය තීරණය කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය උපකුලපති ටෙරන්ස් මධුජිත් මහතා පවසයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඒ මහතාගේ පවුලේ සාමාජිකයන්ට පහර දී ඔවුන් පදිංචිව සිටි නිවසට අලාභහානි සිදුකළ සිසුන්ගේ හැසිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් මෙම තීරණය ගත් බව දන්වා ඇතැයිද නියෝජ්‍ය උපකුලපතිවරයා පැවසීය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment