ශාෆ්ටර්ගේ සහෝදරයෙක් ඊයේ පැයක් සාක්‍ෂි දෙයි නඩුව යළි කැඳවීම 8 දා

81

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ හදිසි මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (23 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියගේ නිල මැදිරියේදී පැවැත්විණි.

එහිදී මරණකරුගේ සහෝදරයකු විසින් පුරා පැයකට ආසන්න කාලයක් සාක්‍ෂි ලබාදුන් අතර විමර්ශන භාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාගේ සාක්‍ෂි සටහන් කර ගැනීම සඳහා ලබන 8 වැනිදා නඩුව යළි කැඳවීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment