ශාෆ්ටර් දිවිනසා ගත් බවක් තහවුරු වීී නැහැ

383

ජනශක්ති ව්‍යාපාරයේ අධිපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනයේ සුලමුල හෙළිකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් විවිධ පැතිකඩ ඔස්සේ විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම විමර්ශන කණ්ඩායම්වලට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සඳහා යෙදවීමටද පොලිසියේ අවධානය යොමු වී තිබේ.

මෙය මෑත ඉතිහාසයේ විශාලම අභිරහස් ඝාතනය බවට පත්වී ඇතැයිද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කියා සිටියේය.

පශ්චාත් වෛi පරීක්‍ෂණයෙන් මෙය ගෙල හිර කිරීමෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වී ඇති අතර රස පරීක්‍ෂක වාර්තා ලැබීමෙන් පසු මෙම අභිරහස හෙළිකර ගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.

මෙම මරණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ මෙය සියදිවි හානිකර ගැනීමක්ද, ඔහුගේ ගෙල හිර කිරීමට පිටස්තර අයකු සහභාගි වී තිබේද යන්න සම්බන්ධයෙන් ස්ථිර තොරතුරක් සනාථ කිරීමට නොහැකි බවයි.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment