ශින්සෝ අබේ ගේ මරණයට ජපන් පොලිස් ප්‍රධානියා ඉල්ලා අස් වේ

280

ඉකුත් ජුලි 08 දා වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූ හිටපු ජපන් අගමැතිවරයෙකු වන ශින්සෝ අබේ ගේ මරණය සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් තමා සිය තනතුරින් ඉල්ලා අස් වන බව ජපන් පොලිසියේ ප්‍රධානියා වන ඉටාරු නකමුරා පවසා තිබේ.

ඝාතනයට ලක් වූ හිටපු ජපන් අගමැතිවරයාට ආරක්ෂාව ලබා දීමේදී බලවත් අඩුපාඩු සිදු වී තිබෙන බව පරීක්ෂණවලදි හෙළි වී තිබීම නිසා ජපානයේ ජාතික පොලිස් ආයතනයේ ප්‍රධානියා මෙසේ සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර තිබේ. හිටපු ජපන් අගමැති අබේ නාරා ප්‍රදේශයේ දේශපාලන සමුළුවක් අමතමින් සිටියදී 41 වියෙහි පසුවන පුද්ගලයෙකු එල්ල කළ වෙඩි පහරකින් මරණයට පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment