ශිවන්යා බලන්න ගෙදරින් පැනලා: ඒත් මගදි පාර වැරදිලා පුංචි දැරියෝ තිදෙනා දැලේ

660

ෆෝන් එකෙන් පාරවල් හොයාගෙන
යාපනයට ගිහින් බෝට්ටුවක යන්න හිතලා

මෙරට රූපවාහිනි නාලිකාවක විකාශනය වන ඉන්දීය ටෙලිනාට්‍යයක රංගන ශිල්පිනියන් පිරිසක් මුණගැසීමට ඉන්දියාවට යන බව කියමින් සිය නිවෙස්වලින් පලාගිය හොරොව්පතාන ප‍්‍රදේශයේ ලාබාල දැරියන් තිදෙනකු පොලිසිය මගින් ඊයේ (31 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. 04 – පිටුවට

වයස අවුරුදු 13, 11, 07 වයස් සීමාවල පසුවන මෙම දැරියන් තිදෙනා ඉන්දීය ටෙලිනාට්‍ය නැරඹීමට ඇබ්බැහි වී සිට ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

තමන් යාපනයට ගොස් එතැන් සිට බෝට්ටුවකින් ඉන්දියාවට යන අදහසින් නිවසින් පැන ආ බව ප‍්‍රශ්න කිරීම් හමුවේ මෙම දැරියන් පොලිසියට ප‍්‍රකාශ කර ඇත. ඉන්දියාවට ගොස් රංගන ශිල්පිනියන් හමුවීම සඳහා යමින් සිටි දැරියන් සතුව ඒ වන විට තිබී ඇත්තේ රුපියල් 1200 ක පමණ මුදලක් බවද පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප‍්‍රකාශ කළ අන්දමට මෙම දැරියන් තිදෙනා සිය නිවෙස්වලින් පැන ගොස් ඇත්තේ ඊයේ අලූයම 4.30 ට පමණය. ඥාති සොහොයුරියන් වන මෙම දැරියන් හොරොව්පතානෙන් ත‍්‍රිකුණාමලය බලායන බස් රථයකට ගොඩ වී කැබිතිගොල්ලෑව ප‍්‍රදේශයෙන් බැස ඇත.

මොවුන් දෙදෙනා සිය ජංගම දුරකථනවලින් ඉන්දියාවට යන මාර්ග සැලසුම් පවා ලබාගෙන තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

කැබිතිගොල්ලෑවේදී මෙම දැරියන්ට පාර වැරදී ඇති අතර ඔවුන් නැවත හොරොව්පතාන නගරයට පැමිණ තිබේ.

තම දරුවන් අතුරුදන්ව ඇති බව කියමින් ඔවුන්ගේ දෙමාපියන් හොරොව්පතාන පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව පොලිසිය මෙම දැරියන් සොයා විමර්ශනයක් ආරම්භ කළ අතර ඔවුන් හොරොව්පතාන නගරයේ සැරිසරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි විය.

තමන් මෙම ඉන්දීය ටෙලිනාට්‍ය නැරඹීමට තදින්ම ඇබ්බැහි වී සිටින බවත් එහි ප‍්‍රධාන චරිත ර`ගපාන ෂිවන්්‍යා ඇතුළු ඉන්දීය ශිල්පීන් තිදෙනකු හමුවී ඔවුන් සමග කතා බහ කිරීමේ දැඩි ආශාවෙන් සිටි බවත් දැරියන් පොලිසියට පවසා ඇත.

එම නිළියන් හමුවීම සඳහා යාපනයට ගොස් ඉන්දියාවට යන අදහසින් නිවසින් පැන ගිය බවද දැරියන් තිදෙනා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසීමකදී මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්¥ව මහතා කියා සිටියේ දරුවන් ටෙලිනාට්‍ය නැරඹීමට ඇබ්බැහි වීම ඉතාම බරපතළ කරුණක් බවයි.

දරුවන් මෙවැනි ටෙලිනාට්‍ය නැරඹීමට ඇබ්බැහිවීම නතර කිරීම දෙමාපියන්ගේ විශාල වගකීමක් බවද ඒ මහතා කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment