මහව අධ්‍යාපන කලාපයේ එරියාව මහින්ද ප්‍රාථමික විද්‍යාලය මෙවරත් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල හිමි කරගෙන තිබේ. සිසුන් විසි තුනක් විභාගයට පෙනී සිටි අතර ඉන් සිසුන් 18 ක් කඩඉම පසු කර තිබේ. එම ප්‍රතිශතය සියයට 78 කි. එම විදුහලේ සිසුවකු ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය 192 කි.
මෙය අති දුෂ්කර පාසලකි. රාත්‍රී කාලය මෙන්ම දිවා කාලයේද වන අලි බහුලව ගැවසෙන කැලෑ ප්‍රදේශයක් ආශ්‍රිතව විදුහල පිහිටා තිබේ. දිනපතා රාත්‍රී කාලයට පාසලට පැමිණෙන වල් අලි පාසලේ ඉදිකිරීම්වලට හානි කරති. දරුවන් පාසලට රැගෙන එන මග දෙපස ද බොහෝ දිනවල අලි රැඳී සිටිනු ඇත.
එපමණක් නොව දරුවන්ට පානය කිරීමට ජල බිඳක් නොමැති වීමද දුෂ්කරතාව කියාපාන තවත් එක් සාධකයකි. ජලය සහිත ළිඳක් තිබුණද එම ජලය පානය කිරීමට සුදුසු තත්ත්වයෙන් නැත. පාසල් භූමියේ දරුවන්ට ක්‍රීඩා කිරීමට ප්‍රමාණවත් ඉඩකඩක් ද නොමැත. එපමණක් නොව මෙම මෙම පාසලේ ඉගෙනුම ලබන සිසුන් එකසිය පනහකට අවශ්‍ය පන්ති කාමර පහසුකම් ද නොමැත. මේ කොපමණ බාධා දුෂ්කරතා තිබුණද මෙම විදුහල 2010 වසරේ මෙන්ම 2019 වසරේ ද ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ. අනෙක් සෑම වසරකම පළමු ස්ථාන පහ අතර රැඳී සිට ඇත. මෙවර ලකුණු 192 ක් හිමිකර ගනු ලැබුවේ දනිඳු හේමංග සිසුවායි. සදිල් සත්විරු සිසුවා ලකුණු 183ක් ද මොනාදි බිහංගා සිසුවිය 180 ක් ද ලබාගත් අතර අසමත් අවසාන සිසුවිය ලැබූ ලකුණු ප්‍රමාණයද 137 කි. ඒ අනුව මෙම ප්‍රතිඵලය පහසුකම් සහිත පාසල් පරදවා එරියාව මහින්ද පාසල කලාප මට්ටමෙන් පමණක් නොව පළාත් මට්ටමින් ද ලැබූ ජයග්‍රහණයකි. වැසී යෑමට ආසන්නව තිබූ මෙම පාසල නැවත අරඹා හිටපු විදුහල්පති ආර්. එම්. තිලකරත්න, හිටපු ශිෂ්‍යත්ව ගුරු අමිල ප්‍රසාද් ජයසේකර මෙන්ම වර්තමාන විදුහල්පති අනිල් ගාමිණි විජයරත්න, ලහිරු කොළඹගේ, ඩබ්ලිව්. විජේකෝන්, සනාලි ප්‍රේමවර්ධන ඇතුළු සියලුම ගුරු මහත්ම මහත්මීන් අත්වැල් වැද ගෙන කටයුතු කළහ.
පාසලේ ශිෂ්‍යත්ව පංතියේ ඉගැන්වීම් කරන ලද අමිල ප්‍රසාද් මහතාගේ අසනීපයෙන් පසුව දරුවන්ට එයින් අවාසියක් වීමට නොදි සියලු ගුරුවරු එකා මෙන් ම අත්වැල් බැඳගෙන කටයුතු කිරීම නිසාම මෙම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ බව විදුහල්පතිතුමන් පවසා සිටියේය.
මෙවර විභාගය සමත් වූ තාරුකා විහඟි සිසුවිය අදහස් දක්වමින් කියා සිටියේ මේ ප්‍රතිඵලය නිසා අපි හරිම සතුටින් ඉන්නේ. අපේ සර්ලා මිස්ලා තියෙන අඩුපාඩු ගැන කතා නොකර වැඩ කිරීම විශිෂ්ට ප්‍රතිඵලයකට යෑමට හේතුව වුණේ. අපි අලි සමඟ සටනක් කරලා තමයි මේ ජය ලබාගෙන තියෙන්නෙ. විදුහල්පතිතුමාගේ මගපෙන්වීම විශිෂ්ටයි.
ඩබ්ලිව්. එම්. දිනුලි සදීශා සිසුවිය දැක්වූ අදහස්,
අමිල සර් අපේ ජයග්‍රහණය අඩිතාලම දාලා දුන්නා. පසුව අපේ පාසලේ අනිත් ගුරුවරු කැපවීමෙන් අපි නිසි මඟට යොමු කළා. මීට පෙර වසරේ ශිෂ්‍යත්ව විභාග ජයග්‍රහණය කළ අයියලා අක්කලා පෙරහැරින් එකතු කරගෙන ඇවිත් මල් මාල දමලා පිළිගන්නවා බලා හිටපු අපිටත් කවදා හරි එතෙන්ට එනවා කියලා හිතුවා. ඒක ඉෂ්ට වුණා මේ ජයග්‍රහණය ට උදව් කළ හැමට පිං.
විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න මේ ජයග්‍රහණය ලැබුවේ ගුරුවරුන්ගේ කැපවීම හා දෙමාපියන්ගේ සහාය උපරිමයෙන් ලැබුණ නිසා. අඩුපාඩු දුෂ්කරතා ගැන සිත සිතා නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන අරන් තමයි අපි මේ ප්‍රතිඵලය කරා ළඟා වෙන්නේ.
දරුවකුගේ පියෙකු වන ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා දැක්වූ අදහස්, වැහෙන්න ගිය පාසලක් නැවත අරඹලා සෑම වර්ෂයකම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට කැප වෙන විදුහල්පතිතුමාට වගේම ගුරු පියවරුන්ටත් අපි ස්තූතිවන්ත විය යුතුයි. අපේ දරුවන් ඉගෙන ගත්තේ පාසලින් පමණයි. පන්ති ගියේ නෑ.
දරුවකුගේ මවක වන ඩබ්ලිව්. ඒ. නදිකා ජයසූරිය මහත්මිය මෙසේ සඳහන් කළේය.
නෑ බෑ නොකියා ගුරුවරු දරුවෝ දෙමව්පියෝ හැමෝම එකතු වෙලා තමයි මේකෙ ගේම දෙන්නේ. බාධක තිබුණත් එරියාව මහින්දය හැමදාම අංක එකට තමයි. එහෙම වෙන්නේ කැපවීම නිසයි.
කුමා රණසිංහ – ගල්ගමුව