ශිෂ්‍යත්ව ප්‍රතිඵල 769 ක් වෙනස් වෙයි

241

පසුගිය 05 ශ්‍රේණියේ (2021) ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්‍ෂා කිරීමෙන් පසුව 769 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇත.

පැවැති විභාගයට අදාළව සිසුන් විසිතුන්දහස් නවසිය හැට තුන් දෙනකු අභියාචනා කර තිබූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවැසීය. අභියාචනා කළ සිසුන් අතරින් සිංහල සිසුන් 76 කගේ සහ දෙමළ සිසුන් 41 කගේ, පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵල වෙනස් වී තිබේ. එමෙන්ම සිංහල සිසුන් 481 කගේ සහ දෙමළ සිසුන් 171 කගේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රතිඵල ද වෙනස්වී තිබූ බව ඒ මහතා කීය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk හෝ results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment