‘ශිෂ්‍යත්ව විශිෂ්ටයෝ මහ පාරේ’… සිසු සිසුවියෝ සහ දෙමාපියෝ විදුහල ඉදිරිපිට විරෝධතාවක

181

කැබිතිගොල්ලෑව ඞී-05 ප‍්‍රාථමික විiාලයේ පළමු සහ දෙවැනි ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට වහා විසඳුම් ලබාදෙන ලෙසට බලකර සිටිමින් එම විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් ඊයේ (11 දා) විදුහලේ ගේට්ටුව වසා දමා කැබිතිගොල්ලෑව ඞී-06 මාර්ගය අවහිර කරමින් සිය ඉල්ලීම් ඇතුළත් සටන් පාඨ ඇතුළත් පුවරු ප‍්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.

එම උද්ඝෝෂණයට දෙමව්පියන් සහ සිසුන් දෙසීය පනහකට ආසන්න පිරිසක් සහභාගි වූ අතර ‘‘ශිෂ්‍යත්ව විශිෂ්ටයෝ මහ පාරේ, අපේ කඳුළු නොපෙනෙන්නේ ඇයි?, ඇයි අපට කුඩම්මාගේ සැලකිලි’’ ආදී වැකි සඳහන් පුවරු ප‍්‍රදර්ශනය කරමින් ඔවුහු පුරා පැය හතරකට ආසන්න කාලයක් විරෝධතාවයේ නිරත වූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment