ශිෂ්‍යයාට බරපතළ අපයෝජනයක් කළ ක්‍රිකට් පුහුණුකරු අත්අඩංගුවට

312

හත වසරේ පාසල් සිසුවෙකුට බරපතළ අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පාසලක ක්‍රිකට් පුහුණුකරන ගුරුවරයකු 31 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය පවසයි.

සිසුවාගේ පියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර ගුරුවරයා පාසලේ ක්‍රිකට් පුහුණුකරු බවත් අවස්ථා කිහිපයක දී මෙම සිසුවා බරපතල ලෙස අපයෝජනය කර ඇති බවටත් අනාවරණයවී ඇති බවද පොලිසිය පවසයි.

සිසුවා බළපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර ගුරුවරයා බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment