ශිෂ්‍යත්වයේ අවුල සොයයි – විභාග රාජකාරිය කළ අය වැරදි නම් නීතියට අනුව දඩුවම් – කලින් ප‍්‍රශ්න පත‍්‍ර පිටවූ කථාව බොරු – විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ධර්මසේන

441

පැවැති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ මධ්‍යස්ථාන තුනක සිදුවී ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ තුනක් සිදුකර එම සිද්ධි නිසා දරුවන්ට අසාධාරණයක් සිදුවූ ඇති බවට තහවුරු වුවහොත් දරුවන්ට සාධාරණය ඉටුකරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඞී. ධර්මසේන මහතා ඊයේ (23 දා) පැවසීය.

විභාගය දරුවන් 3,40,508 දෙනකු සඳහා විභාග මධ්‍යස්ථාන 2943 කදී පැවති බවත් ඉන් මධ්‍යස්ථාන 03 කදී ප‍්‍රමාදවී විභාග ප‍්‍රශ්න පත‍්‍ර බෙදීම එකතු කිරීම සම්බන්ධයෙන් සිසුන්ගෙන් හා දෙමාපියන්ගෙන් චෝදනා එල්ලවූ බවත් පැවසූ ඒ මහතා ඒ සම්බන්ධයෙන් දැනටමත් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද කීවේය.

ශිෂ්‍යත්වයේ අවුල සොයයි - විභාග රාජකාරිය කළ අය වැරදි නම් නීතියට අනුව දඩුවම් - කලින් ප‍්‍රශ්න පත‍්‍ර පිටවූ කථාව බොරු - විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ධර්මසේන


විභාග කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (23 දා) විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

මෙම සිදුවීම් තුළ ගාල්ල නාගොඩ රාජකීය මහා විiාලය, වැලිමඩ විජය ප‍්‍රාථමික විiාලය හා ගල්ගමුව යූ. බී. වන්නිනායක විiාලවලින් වාර්තාවී ඇතැයිද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් කලාප මට්ටමින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද පළාත් මට්ටමින් විමර්ශනයක් සහ විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විමර්ශනයක් සිදුකරන බව ද ඔහු කීය.

අද හෝ හෙට (24 හෝ 25) යන දිනවලදී විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් එම ප‍්‍රදේශවලට ගොස් දරුවන්ගේ සහ දෙමාපියන්ගෙන් විමසීම් කර ස්වාධීන පරීක්‍ෂණයක් සිදුකරන බවද ධර්මසේන මහතා කීය.

මෙම විභාගයේ ප‍්‍රශ්න පත‍්‍ර විභාගයට පෙර පිටවී ඇති බවට චෝදනා එල්ල වුවත් එය විභාග අවසන්වීමෙන් පසු ඡුායාරූප ගතකර ‘වට්ස්ඇප්’ මාර්ගයෙන් හුවමාරු කරගන ඇති බව තහවුරු වී ඇති බව ද හෙතෙම කීය. විභාගයේ අසාධාරණයක් සිදුවී ඇති බවට චෝදනා එල්ලවී ඇති විභාග මධ්‍යස්ථානවල පිළිතුරු පත‍්‍ර මේ වනවිට වෙන්කර ඇති බවත් ඒවා නිරීක්‍ෂණය කර දරුවන්ට යම් අසාධරණයක් සිදුවී ඇත්නම් එම දරුවන්ට සාධාරණයක් ඉටු කරන බවත් හෙතෙම කීය. එමෙන්ම විභාග රාජකාරීවල යෙදුන පිරිස් යම් වරදක් සිදුකර ඇති බවට අනාවරණය වුවහොත් විභාග නීති යටතේ සහ ආයතන සංග‍්‍රහය අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවත් හෙතෙම කීය.

ඇතැම් විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වීමේදී ඔරලෝසුවල කාලවේලාවන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවත් මින්පසු විභාග මධ්‍යස්ථානවල ඔරලෝසු ඒකකාරයෙන් වෙලාවන් පවත්වාගෙන යමින් විභාගය පටන් ගැනීමට විනාඩි 05 කට පෙර දරුවන් දැනුවත් කිරීමත් අවසන් කිරීමට විනාඩි 10 කට පෙර දරුවන් දැනුවත් කිරීමටත් කටයුතු කරන බවත් හෙතෙම කීය.

එමෙන්ම සෑම විභාග මධ්‍යස්ථානයකම විභාගය පටන් ගන්නා වේලාවන් වීඩියෝ ගතකර ගන්නා ලෙස විභාග නිලධාරීන්ට උපදෙස් දීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.

විභාගයේ ප‍්‍රතිඵල ලබාදීම මාසයයි දින දහයක් ඇතුළත ලබාදීම සාමාන්‍ය ලෙස සිදුවුවත් පවතින කොවිඞ් තත්ත්වය හමුවේ ප‍්‍රතිඵල නිකුත් කළ හැකි දිනයන් නිශ්චිත ලෙස ප‍්‍රකාශ කළ නොහැකි බව කී ධර්මසේන මහතා විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු ජනවාරි 31 සිට පෙබරවාරි 05 දක්වා සිදු කිරීමට දින නියම කරගෙන තිබෙන බව ද කීය. මේ සඳහා මධ්‍යස්ථාන 40 කදී ගුරු භවතුන් 7000 ක් සහභාගි කරගෙන සිදුකරන බවද හෙතෙම කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment