ශිෂ්‍යත්වය ලියන්න සිසු සිසුවියෝ 3,40,508 ක්: උ.පෙළට 3,45,242 ක්

143

මෙවර 2021 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවෝ 3,40,508 ක් සහ උසස් පෙළ විභාගයට අයදුම්කරුවෝ 3,45,242 ක් පෙනී සිටිති.

ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා පැවැත්වෙන අතර මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්වේ. සිංහල අයදුම්කරුවන් 2,55,062 ක්ද, දෙමළ මාධ්‍යයෙන් අයදුම්කරුවෝ 85,446 ක් පෙනී සිටිති.

උසස් පෙළ විභාගය පෙබරවාරි 07 වැනිදා ආරම්භ වන අතර විභාග මධ්‍යස්ථාන 2438 කදී විභාගය පැවැත්වේ. පාසල් අයදුම්කරුවෝ 2,79,141ක්ද, පෞද්ගලික අයදුම්කරුවෝ 66,101 ක් විභාගයට පෙනී සිටිති

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment