ශිෂ්‍යත්ව විභාගයෙන් පසු සිසුවියකගේ දිවියත් අවසන්වේ

1029

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට එය අවසන් වී නිවෙස් වලට පැමිණ දෙමාපියන් හා එක්ව ඊයේ නිලාවෙලි එරක්කණ්ඩි ‍මෝය අසල දිය නෑමට ගොස් දියේ ගිලූ‍ණු සිසුවියන් පිරිසකගෙන් එක් සිසුවියක මියගොස් තවත් සිසුවියක් අසාධ්‍ය තත්වයෙන් ත‍්‍රිකුණාමලය මහ රෝහලේ ප‍්‍රථිකාර ලබන බව කුච්චවේලි පොලිසිය පවසයි.

දිය නෑමට ගිය සිසුවියන් කණ්ඩායමට සිසුවියන් සිව් දෙනෙකු සිට ඇති අතර එක් සිසුවියක ගේ මව හා පියා සමග මෙලෙස දිය නෑමට ගොස් මෙම අනතුර සිදුව තිබේ. මෙලෙස මිය ගියේ ත‍්‍රිකුණාමලය ආන්දම්කුලම පාසල් මාවතේ පදිංචි කේ. ඒ. ඔෂිනි අස්වානි නැමැති දස හැවිරිදි සිසුවියයි.

advertistmentadvertistment
advertistmentadvertistment