ශිෂ්‍යාවන් දෙදෙනෙකුට නිරුවත පෙන්වූ නරුමයාට වැඩ වරදී

1012

පාසලට යමින් සිටි ශිෂ්‍යාවන් දෙදෙනකුට පානදුර අතුරු මාර්ගයකදී ඇද සිටි කලිසම ගලවා නිරුවත පෙන්වූ බව කියන කළුතර පොලිස් අභ්‍යාස විදුහලේ කොස්තාපල්වරයකු පෙරේදා (12 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරියකගේ රියැදුරු ලෙස රාජකාරි නියුතු කොස්තාපල්වරයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසේ. ඉකුත් 10 දා පානදුර ප‍්‍රධාන බාලිකා පාසලක සිසුවියන් දෙදෙනකු පාසලට එමින් සිටියදී මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳසිටි කලිසම පහත් කර සිසුවියන්ට නිරුවත පෙන්වා ඇති බවට විදුහල්පතිනිය විසින් ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ප‍්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අදාළ මෝටර් රථය පිළිබඳ සොයා සොයා බැලීමේදී එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරීවරියගේ නිළ රථය බවට හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම සැකකරු මොරගහහේන මිල්ලෑව ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි විවාහකයකු බවද වැටලීමට එක්වූ නිලධාරියෙකු කීය.

සැකකරු පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම සහ කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment