ශී‍්‍රලනිප 14 දෙනා අද මැතිසබයේ ස්වාධීන වෙති

109

ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස අද (5 දා) සිට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තම පක්‍ෂය තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 14 දෙනා පෙරේදා (3දා) ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද මහලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදී ආණ්ඩුවේ සියලූ තනතුරුවලින් ඉවත්වී ස්වාධීනව සිටීමට පක්‍ෂය තීරණය කළ බවද ඔහු කීවේය. ඒ අනුව අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට බහුතර බලය පෙන්වීමට බොහෝදුරට නොහැකි වනු ඇති බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment