ශී‍්‍ර ලංකාවට එරෙහි යුරෝපා තොණ්ඩුව: ත‍්‍රස්ත මර්දන පනතටත් විරුද්ධ වෙයි

329
  1. රජයට බලකිරීම සඳහා යුරෝපා සංගමය ජී.එස්.පී. සහනය භාවිතා කළ යුතුයි.
  2. ශී‍්‍ර ලංකා රජය සිංහල බෞද්ධ ජාතිකවාදය සහ මිලිටරිකරණය මෙහෙයවයි.
  3. පුරාවිiාව පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය ඉඩම් කොල්ලකෑම් හා සුළුතර ප‍්‍රජාව අධික ලෙස ජීවත්වන ප‍්‍රදේශවල ජන ව්‍යාපෘතියට අදාළ කරුණු වෙනස්කිරීම සඳහා යොදා ගනියි.
  4. එම ප‍්‍රදේශවලට සිංහල ප‍්‍රජාව හඳුන්වා දෙයි.

මෙම හිටපු ද්‍රවිඩ නිලධාරිනිය වෙන කිසිවෙක් නොව පසුගිය යහපාලන රජයේ මානවහිමිකම් කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ අම්බිකා සකුනාදන් නැමැත්තියයි.

ඇය පසුගියදා ඇමරිකානු කොන්ග‍්‍රසයේ ලැන්ටොස් කොමිසම හමුවේ කරුණු දක්වමින් ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව සම්බාධක පැනවිය යුතු යැයි කියා සිටියාය. එසේම ඇය එක්සත් ජාතීන්ගේ

විශේෂ නියෝජිතවරියක් ලෙසද කි‍්‍රයාකරයි. ජිනීවා 49 වැනි මානව හිමිකම් සමුළුව පෙබරවාරි 28දා ආරම්භවීමට නියමිත අවස්ථාවේ ඇය යුරෝපා පාර්ලිමේන්තුව හමුවේ කරන ලද ප‍්‍රකාශය මුළුමනින්ම රටට එරෙහි ද්‍රෝහී කි‍්‍රයාදාමයකි.

බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති වින්සන්ට් චර්චිල් වරක් පැවසුවේ මම ලොව වෙනත් රටවලට ගියවිට මගේ රට විවේචනයට ලක් නොකරන බවයි. එහෙත් මෙරට සිදුවන්නේ කුමක්ද? යුරෝපා සංගමය පසුගිය කාලයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරනු ලැබීය. යුරෝපා සංගමය තුළ ශී‍්‍ර ලංකා විරෝධී මන්තී‍්‍රවරු රැසක්ම සිටිති. බාබරා ලොහො බිලර් සහ රොබට් ඊවන්ස් එවන් මන්තී‍්‍රවරු දෙදෙනෙකි. වරක් ඊවන්ස් ශී‍්‍ර ලංකාවට එක්සත් ජාතීන්ගේ හමුදාවක් එවිය යුතු බවද පළ කළේය. මේ පසුබිම මැද අම්බිකා සකුනාදන් අවස්ථාව බලා ශී‍්‍ර ලංකාවේ රජයට බරපතළ චෝදනා එල්ල කර ඇත. ඒ ජාත්‍යන්තර ප‍්‍රජාව අතර ශී‍්‍ර ලංකාව අපරාධකාරයකු කිරීමටය. එහෙත් කොටි ත‍්‍රස්තවාදීන් බිහිසුණු ලෙස මානව හිමිකම් උල්ලංඝණය කරද්දී ඇය වචනයක්වත් පැවසුවේ නැත.

එසේම හිටපු රජයේ නිලධාරියකු වූ රජිව් විජේසිංහද මේ අම්බිකා සකුනාදන් කව්දැයි හෙළිකර තිබේ. ඇය ශී‍්‍ර ලංකාවේ රජයට එරෙහිව යුරෝපා ප‍්‍රජාව හමුවේ පැමිණිලි කිරීමට පෙර එම ඉදිරිපත් කළ කරුණු ඇමරිකාවේ ඕක්ලන්ඞ් ආයතනයේ අනුරාධා මිට්ටාල් සහ උතුරේ හිටපු මහ ඇමැති විග්නේෂ්වරන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යොමුකර තිබුණි. ඉන් තහවුරුවන්නේ රජයට එරෙහි වූවෝ විටින් විට එකම කරුනු ඉදිරිපත් කරන බව නොවේද? මේ තත්ත්වය මත අම්බිකා නමැත්තිය බේරා ගැනීම සඳහා 160ක පිරිසක් තම නම් ප‍්‍රකාශයට පත්කර තිබේ. මේ නම් පිළිබඳව විමර්ශනය කරනවිට ඇතැම් අය මානව හිමිකම් කි‍්‍රයාකාරීන් නොවේ. මෙම ලැයිස්තුවට කොහෙන්දෝ අහුලාගත් නම් රැසක්ද ඇතුළත් කර තිබේ. එසේම කොටි හිතවාදී අඩයාලම් සංවිධානයේ නම්ද ඇමරිකාවේ සිට කි‍්‍රයාත්මක වන මාරියෝ අරුල්තාස්ගේ නමද මානව හිමිකම් කවුන්සිලය තුළදී රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් සමග ගැවසෙන අයුරු අප දුටු චූලනී කොඩිකාරගේ නමද එහි දක්වා ඇත. ඊට අමතරව අම්බිකා බේරාගැනීමට ඉදිරිපත්වී ඇත්තේ එදා සිට ශී‍්‍ර ලංකාවට එරෙහි පෙත්සම් වලට නම දාගත් කණ්ඩායම්ය. ඊට අලූතින්ම එක්වී ඇත්තේ මෑතකදී අටවාගත් තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමය නමැති සංවිධානයයි. මෙලෙස අම්බිකා යුරෝපා සංගමය උසිගැන්වීමට කි‍්‍රයාකිරීම මුල්වරට විදේශ කටයුතු බලධාරීන්ගේ

දෝෂාරෝපණයට ලක්විය. එහෙත් පසුගිය වසර කීපය තුළ අප එම ද්‍රවිඩ කාන්තාවගේ ද්‍රෝහි කි‍්‍රයා අනාවරණය කළෙමු. ඇමරිකානු ලැන්ටොස් කොමිසම හමුවේ ඇය ශී‍්‍ර ලංකා හමුදාවට සම්බාධක පනවන ලෙස ඉල්ලීම රාජ්‍ය විරෝධී කි‍්‍රයාවක් නොවේද? යුද අපරාධ කළ කොටි රටවල් රැසක සිටියත් යුරෝපා සංගමයේ රටවල් වලද කොටි අපරාධකරුවන් වාසය කරති. එහෙත් එම පිරිස් ගැන අම්බිකාට සහය දක්වන කණ්ඩායම් හඬනගා නැත.

එසේම විවිධ නම් වලින් හඳුන්වාගත් සංවිධාන රැසක්ද අම්බිකාට පක්‍ෂපාතීත්වය දක්වා තිබේ. ඊට තමිල්නාඩුවේ කුලියට හඬ නගන සංවිධාන ඇතුල් නොවීම පුදුමයකි. මේ පසුබිම මැද විදේශ කටයුතු බලධාරීන්ට අම්බිකාගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දැක්වීමට හිමිකමක් ඇත.

එහෙත් මේ අම්බිකා පාක්‍ෂිකයෝ රටේ ජනතාව නියෝජනය කරන්නන් නොවේ. ඔවුන් ඩොලර් මත යැපෙන්නෝය. අම්බිකාගේ

මෙහෙයුම රට තුළ සිදුවීම් ගැන විවේචන ඇගයීමක් ප‍්‍රකාශයට පත්කිරීමක් නොව රටට හානිකර කි‍්‍රයාවකි. විදේශ කටයුතු බලධාරීන් දක්වා ඇත්තේ අම්බිකාගේ

ප‍්‍රකාශය තුළ කොටි සංවිධානය කි‍්‍රයාත්මක කළ කි‍්‍රයාදාමය පිළිබිඹු කිරීම බවයි. එය පිළිගත යුතු කරුණකි. එසේම අම්බිකාට පක්‍ෂපාතීත්වය දක්වා ඇත්තේ බුද්ධිමතුන් බවටද ප‍්‍රචාරය වී ඇත. බි‍්‍රතාන්‍යයේ සිට පළවන ටැමිල් ගාඩියන් අඩවියේ සංස්කාරක ලෙස හඳුන්වා ගන්නා තුයිසාන් නන්දකුමාර්ද අම්බිකාට පක්‍ෂපාතීත්වය දක්වන ප‍්‍රකාශයට අත්සන් කර තිබේ.

එසේම ගර්ඩියා සෙනාල් සහ සයියුත් සකරියා නමින් දෙදෙනෙක්ද ඊට අත්සන් තබා ඇත. මොවුන් ශී‍්‍ර ලාංකිකයන්ද? මේ හැර සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙස පෙනී සිටින රංජි මල්ලි හෙවත් සුනන්ද දේශපි‍්‍රය හිටපු කැරලිකරුවකු බව අමතක නොකළ යුතුය. මේ අයුරින් ඉන්දීය හමුදාවට එරෙහිව එරට පිරිසක් යුරෝපා සංගමයේ මානව හිමිකම් කමිටුවට ප‍්‍රකාශයක් කළහොත් ඉන්දීය රජය නිහ`ඩ වනු ඇතැයි සිතිය හැකිද? ඊට හොඳම නිදසුන තමිල්නාඩුවේ බෙදුම්වාදියකු වන තිරාමුරුගන් ගාන්ධි ජිනීවා මානව හිමිකම් සමුළුවකදී ඉන්දියාවට එරෙහිව දෝෂාරෝපණය කිරීමය. තිරුමුරුගන් ඉන්දියාවට පැමිණීමේදී ඉන්දීය බලධාරීහු ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ රාජද්‍රෝහි කටයුතු සිදුකිරීමේ චෝදනාව මතය. අම්බිකාගේ ශී‍්‍ර ලංකා විරෝධී ප‍්‍රකාශයට සමගාමීව බි‍්‍රතාන්‍යයේ සිට කි‍්‍රයාත්මක වන ඉන්ටර්නැෂනල් සෙන්ටර්ෆෝ පි‍්‍රවෙන්ෂන් ඇන්ඞ් ප්‍රොසිකියුෂන් ෆෝ ජෙනෝසයිඞ් නමැති කොටි හිතවාදී සංවිධානය ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් ඉල්ලීමක් කරමින් ද්‍රවිඩයන්ට එරෙහිව තවදුරටත් කි‍්‍රයාත්මක වන ද්‍රවිඩයන් සමූලඝාතනය අත්හිටුවන්නයි ඉල්ලා ඇත. මේ සංවිධානය මෙහෙයවන්නේ වෙනින් කවුරුත් නොව සිංගප්පූරුවේ විශ්වවිiාලයේ මහාචාර්ය මුතුකුමාර්ස්වාමී සොර්නරාජ්ය. පාස්කු ප‍්‍රහාරයෙන් පසු හිටපු ජනපතිවරයා පත්කළ ආරක්‍ෂක උපදේශක සභාවට මේ කොටි හිතවාදීයාද අයත් විය. මෙය සතුරන් රටේ ආරක්‍ෂාව නමැති යාන්ත‍්‍රණය තුළට ඇතුළත් කර ගැනීමක් නොවේද? මේ සොර්නරාජ් නමැත්තාට ප‍්‍රභාකරන්ගේ සබඳතාවයන් ද ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment