ශී‍්‍ර ලංකාවේ විදේශ මුදල් සංචිත ඩොලර් මිලියන 300 ට බැහැලා

485

මහ බැංකුවේ හිටපු නි. අධිපති ඩබ්. ඒ. විජේවර්ධන

ශී‍්‍ර ලංකාවේ භාවිත කළ හැකි විදේශ විනිමය සංචිතය මේ වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 300 ක් පමණ දක්වා අඩු වී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසයි.

මේ අවස්ථාවේ රටේ තිබෙන විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 2300 ක් බව ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රකාශ කළත් ඒ ප‍්‍රමාණය තුළ තිබෙනවා චීනයෙන් ලබාගත් යුවාන් මූල්‍ය පහසුකමත්. ඒ ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1600 ක් පමණ වෙනවා. ඒ ප‍්‍රමාණයත්, රත්තරන් තොගයත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිබෙන එස්. ඞී. ආර්. වටිනාකමත් ඉවත් කළ විට මෙසේ ලංකාවේ පාවිච්චි කළ හැකි විදේශ සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට පමණ අඩු වී ඇතැයි ආචාර්ය විජේවර්ධන මහතා පෙන්වා දෙයි. ශී‍්‍ර ලංකා රුපියල කෘත‍්‍රිම ලෙස දිගු කලක් ස්ථාවරව අල්ලාගෙන සිටීම නිසා රට සතු විදේශ වත්කම් ක්ෂය වූ බවද විජේවර්ධන මහතා තවදුරටත් කීවේය.

රුපියල පා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දක්වමින් ඒ මහතා මේ අදහස් පළ කළේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment