ශී‍්‍ර ලංකාව ඉන්දියාවෙන්  ඩොලර් බිලියනයක  තවත් ණයක් ඉල්ලයි

145

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශී‍්‍ර ලංකා රජය ඉන්දීය රජයෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය පහසුකමක් ඉල්ලා ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

මේ වනවිට ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය පහසුකමක් සහ ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක තවත් ණය පහසුකමක් ලබාදී ඇත.

2020 වසරේ සිට මේ දක්වා ශී‍්‍ර ලංකාවේ විදෙස් සංචිත සියයට 70% කින් පහත වැටී ඇති අතර අත්‍යවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශී‍්‍ර ලංකාව පත්ව ඇතැයි ද රොයිටර් පුවත් සේවය පවසයි. සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ශී‍්‍ර ලංකාව ඉල්ලා ඇති මෙම නව ණ්‍ය මුදල ලබාදීමට කටයුතු කරන බව ඉන්දීය බලධාරීන් සඳහන් කර ඇති බවට රොයිටර් මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment