ශී‍්‍ර ලංකාව රිදවා ජඬේජා එක වේ

247

ශී‍්‍ර ලංකාවට එරෙහි පසුගියදා නිමා වූ තරගයේදී පිත්තෙන් නොදැවී ලකුණු 175 ක් සහ පන්දු යැවීමේදී ඉනිම් දෙකේදී ලකුණු 87 කට කඩුලූ 9 ක් දවා ගැනීමේ දක්ෂතාව මත රවීන්ද්‍ර ජඬේජා ලොව අංක එකේ තුන් ඉරියව් කී‍්‍රඩකයා බවට පත් වී ඇත.

 ජඬේජා අංක 01 ට පැමිණීමත් සම`ග එතෙක් අංක 01 ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ජේසන් හෝල්ඩර් අංක 02 ට වැටී ඇත.

 ශී‍්‍ර ලංකාවට එරෙහි එම තරගයේදී කඩුලූ සහ ලකුණු 61 ක් ලබාගත් රවිචන්ද්‍රන් අශ්වින් තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර තුන්වැනි ස්ථානයේ ද, බංගලාදේශයේ සකිබ් අල් හසන් 4 වැනි ස්ථානයේ ද, බෙන් ස්ටෝක්ස් 5 වැනි ස්ථානයේ ද රැුඳී සිටිති.

 ජඬේජා එම ශ්‍රේණියේ පළමු තැනට පැමිණි දෙවැනි වතාව මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment