ශී‍්‍ර ලංකා කාන්තා කි‍්‍රකට් පිල මැයි මාසයේදී පාකිස්තානයට…

115

පාකිස්තාන කාන්තා කි‍්‍රකට් කණ්ඩායමේ ඉදිරි වසරේ කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ඊට ශී‍්‍ර ලංකාව සමගින් එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියක්ද ඇතුළත්ව ඇති අතර එම තරගාවලිය ලබන මැයි මසදී ආරම්භ වීමට නියමිතව තිබේ.

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් කි‍්‍රයාත්මක වන දෙරට අතර තරගාවලිය රාවල්පින්ඩි කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව තරගාවලිය ලබන මැයි 18 වැනිදා සිට ජුනි 07 වැනිදා දක්වා කි‍්‍රයාත්මක වේ.

අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේ කි‍්‍රයාත්මක වන මෙම තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment