ශී‍්‍ර ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අද

43

ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවැනි තරගය හෙවත් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (29 වැනිදා) ආරම්භ වේ. එ් අනුව අදාළ තරගය ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට්  කී‍්‍රඩාංගණයේදී අද පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 187කින් ජය ගැනීමට සත්කාරක ශී‍්‍ර ලංකාව සමත්විය. එ් අනුව 1-0ක් ලෙස තරගාවලිය පෙරමුණ ගැනීමට සමත්වී සිටින ශී‍්‍ර ලංකාවට අද ආරම්භ වන තරගය ජය ගැනීමට හැකිවුවහොත් කොදෙව් කණ්ඩායමට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග‍්‍රහණයක් පහස අත්විඳීමට අවස්ථාව උදා වේ. එලෙසම තරගාවලියේ පළමු තරගය පරාජයට පත්වී සිටින සංචාරක කණ්ඩායමට තරගාවලිය පරාජයට පත්නොවී ගෞරවණීය ලෙස අවසන් කර ගැනීමට මෙම තරගය ජය ගැනීම අනිවාර්ය වී තිබේ.

පළමු තරගයට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයේදී එක් වෙනස්කමක් සිදු කිරීමට සුදානම්ව ඇති බවට වාර්තා වේ. එ් අනුව වේග පන්දු යවන දුෂ්මන්ත චමීරට විවේකයක් ලබා දීමට සහ ඔහුගේ වැඩ කොටස කළමනාකරණය කිරීම වෙනුවෙන් අද තරගයට ඔහු කී‍්‍රඩා නොකරන බවට වාර්තා වේ. මීට අමරතව දුෂ්මන්ත චමීර ඇතුළව තවත් කී‍්‍රඩකයන් සිව්දෙනකු ජෛව ආරක්ෂිත බුබුලෙන් නිදහස් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එ් අනුව දුෂ්මන්ත චමීර, අසිත ප‍්‍රනාන්දු, කමිල් මිෂාර සහ සුමින්ද ලක්ෂාන් යන කී‍්‍රඩකයන් මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන නිදහස් කර තිබේ. කෙසේ වෙතත් දුෂ්මන්ත චමීර වෙනුවට තවත් පිතිකරුවකු කණ්ඩායමට කැඳවීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇති බවට ඊයේ (28 වැනිදා) වාර්තා වී තිබිණි.

සොබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය ලෝක කුසලාන ටෙස්ට් ශූරතාවලිය යටතේ කි‍්‍රයාත්මක තරගයෙක් වෙන අතර පෙර තරගය ජය ගැනීමත් සමගින් ලෝක කුසලාන තරගාවලිය යටතේ ප‍්‍රසාද ලකුණු 12ක් හිමිවිය. එ් අනුව ටෙස්ට් ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වන්නට ශී‍්‍ර ලංකාවට මේ වනවිට අවස්ථාව උදා වී ඇති අතර අද ආරම්භ වන තරගය ජය ගැනීමට හැකිවුවහොත් එම ස්ථානය තවදුරටත් රැුකගැනීමට අවස්ථාව උදා වේ.

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ජාත්‍යන්තර ටෙස්ට් තරග 23ක් මේ දක්වා පවත්වා ඇති අතර එහිදී තරග 10ක ජය තමන් සතුකර ගැනීමට ශී‍්‍ර ලංකාව සමත්වී තිබේ. තරග 4ක් ජය ගැනීමට කොදෙව්වන් සමත්වී ඇති අතර තරග 9ක් ජය පරාජයකින් තොරව අවසන් වී තිබේ.

අද ආරම්භ කෙරෙන තරගය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් යටතේ ශී‍්‍ර ලංකාව සහභාගි වන අවසන් තරගය ලෙසින් සටහන් වේ. සිය කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් මෙම කොදෙව් තරගාවලියෙන් පසු තමන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකාරීත්වයෙන්

සමුගන්නා බවට මිකී ආතර් පසුගියදා ප‍්‍රකාශ කර තිබිණි.

ශී‍්‍ර ලංකා සංචිතය –

දිමුත් කරුණාරත්න (නායක), චරිත් අසලංක, මිනෝද් භානුක, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, ඕෂධ ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු, චාමික ගුණසේකර, ප‍්‍රවීන් ජයවික‍්‍රම, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, සුමින්ද ලක්ෂාන්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ලක්ෂාන් සඳකැන්, රොෂේන් සිල්වා,

බටහිර ඉන්දීය කෙදෙව් සංචිතය –

කේ‍්‍රග් බ‍්‍රත්වේට් (නායක), න්කෲමා බොනර්, ජරමේන් බ්ලැක්වූඞ්, රොස්ටන් චේස්, රකීම් කොන්වෙල්, ජොසුවා ද සිල්වා, ෂැනොන් ගේබි‍්‍රල්, ජේසන් හොල්ඩර්, ෂායි හෝප්, කයිල් මාස්, වීරසාමි පෙමුවෙල්, කැමර් රෝච්, ජේඩන් සීල්ස්, ජෙරමි සොලොස්නෝ, ජොමෙල් වොරිකන්.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment