ශී‍්‍ර ලංකා යොවුන් පිල අද ඇෆ්ගනිස්තානය හමුවෙයි

168

යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරගය අද (27 වෙනිදා ) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතය.

 බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ඇන්ටිගුවා හි කුලීජ් ක‍්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් පස්වරු 6.30ට තරගය ආරම්භවීමට නියමිත වේ.

 ශ‍්‍රී ලංකාව මෙම තරගයෙන් ජය ගත හොත් අවසන් පූර්ව තරඟ වටය සඳහා සුදුසුකම් ලබන අතර එහිදි ශ‍්‍රී ලංකාව ට දකුණු අප‍්‍රිකාව හෝ එංගලන්තය සමග තරග වැදීමට සිදු වේ.

 මෙවර යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ‘ඞී’ කාණ්ඩය යටතේ තරග වැදුණු ශ‍්‍රී ලංකාව එම කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමින් අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගත් අතර ඇෆ්ගනිස්ථානය ‘සී’ කාණ්ඩය යටතේ තරඟ වදිමින් අර්ධ අවසන් පූර්ව වටයට  පිවිසියේය.

 තරගාවලියේ මූලික වටය යටතේ ශ‍්‍රී ලංකාව ස්කොට්ලන්තය, ඕස්ටේ‍්‍රලියාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය පරාජයට පත් කළේය.

 එම තරඟ තුනෙන් තරග දෙකකම  තරගයේ වීරයා බවට පත්වූ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ගේ තුන් ඉරියව් දක්ෂතා විචාරකයන්ගේ මහත් ඇගයීමට ලක් වී ඇති අතර මේ වන විට ඔහු තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා ද වේ. ස්කොට්ලන්තයට සහ ඔස්ටේ‍්‍රලියාව ට එරෙහිව කඩුලූ පහ බැගින් දවා ගත් දුනිත් සත්කාරක කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලූ 3ක් දවා ගත්තේය.

 යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය යටතේ එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව ඊයේ (26 වෙනිදා ) තරග වැදීමට නියමිතව සිටි අතර පාකිස්ථානය සහ ඔස්ටේ‍්‍රලියාව හෙට (28 වෙනිදා) ද ඉන්දියාව සහ බංග්ලාදේශය අනිද්දා( 29 වෙනිදා ) ද තරග වැදීමට නියමිතව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment