ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමි ලෝකවාසී සියලූ බෞද්ධයන්ට ආශිර්වාදයක්

407

අක්තපත‍්‍ර ප‍්‍රදානයේදී ජනාධිපති පවසයි

රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක පදවියට පත් අතිපූජනීය මකුලෑවේ විමල හිමිපාණන්ට ලැබුණු උතුම් නායක පදවිය සම්බුද්ධ ශාසනයටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ආශිර්වාදයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට අභිනව මහානායක පදවිය පිළිබඳ අක්තපත‍්‍ර ප‍්‍රදානෝත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහනාහිමි ලෝකවාසී සියලූ බෞද්ධයන්ට  ආශිර්වාදයක්

අක්තපත‍්‍ර ප‍්‍රදානය ඊයේ (24දා) පස්වරුවේ කොළඹ නිදහස් මන්දිරයේ දී සිදු කෙරිණි.

අභිනව මහානායක හිමියන්ට ශී‍්‍ර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විජිනිපත පිළිගැන්වීය.

මහානායක ස්වාමින් වහන්සේගේ ශාසනික ප‍්‍රතිපදාව සමස්ත භික්ෂූන් වහන්සේගේ ගෞරවයට පාත‍්‍ර වන බවත් උන්වහන්සේ තුළ ඇති අල්පේච්ඡු ගුණය සමාජයට වටිනා පණිවිඩයක් දෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහානායක හිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව වර්ෂ 2021 ජනවාරි 29 දින උන්වහන්සේ රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහානායක ධුරයට පත් වූහ.

මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් විසින් රචිත අභිනව මහානායක හිමි අභිනන්දන ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරිණ.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරු විසින් අභිනව මහානායක හිමියන්ට ප‍්‍රසාද පූජා සිදු කරන ලදී.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, රාමඤ්ඤ මහා නිකායේ දායක සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය හා ලේකම් රාජ්‍ය අමාත්‍ය ලසන්ත

අලගියවන්න, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, අග‍්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, දායක සභාවේ සාමාජික සාමාජිකාවෝ සහ මහානායක හිමිපාණන් වහන්සේගේ පවුලේ ඥාතීහු ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment