ශී‍්‍ර ලංකා විස්සයි විස්ස බල ඇණිය ඔස්ටේ‍්‍රලියාවට පිටත්ව යයි: චාමිකට සහ කමිඳුට කොරෝනා

366

ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වෙන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03 වැනිදා) අලූයම ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියහ. 20 දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ අලූයම 12.45 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව ඔස්සේ ඔස්ටේ‍්‍රලියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.

 ශී‍්‍ර ලංකා විස්සයි විස්ස බල ඇණිය ඔස්ටේ‍්‍රලියාවට පිටත්ව යයි: චාමිකට සහ  කමිඳුට කොරෝනා

දෙරට අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.

මේ අතර ඔස්ටේ‍්‍රලියාවට එරෙහි ශ‍්‍රී ලංකා සංචිතයට නම්කර සිටි චාමික කරුණාරත්නට සහ කි‍්‍රයාත්මක නැෂනල් ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන කමිඳු මෙන්ඩිස්ට කොරෝනා ආසාදනය වී තිබේ.

ඒ අනුව චාමිකට ඔස්ටේ‍්‍රලියානු තරගාවලිය අහිමිවී තිබේ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment