ශී‍්‍ර ලාංකික සිසුන් 6ක් යුක්රේනයෙන් ගිහින් – විදේශ අමාත්‍යාංශය කියයි

197

යුක්රේනයේ සිටින ශී‍්‍ර ලාංකික සිසුන් දහහතර දෙනාගෙන් හයදෙනකු තාවකාලිකව රට හැර ගොස් ඇති අතර ඉතිරි සිසුන් පිළිබඳව අන්කාරා නුවර ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සමීප සම්බන්ධතා පවත්වන බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.

යුක්රේනය සම්බන්ධව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙසේය.

ශී‍්‍ර ලංකා රජය යුක්රේනයේ පවතින වාතාවරණයේ වත්මන් ප‍්‍රගතිය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. අන්කාරා හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය, යුක්රේනයේ වෙසෙන සිසුන් දහහතර දෙනකු ඇතුළු හතළිහකට අධික ශී‍්‍ර ලාංකිකයන් පිරිසකගේ ආරක්‍ෂාව සහ සුබ සාධනය තහවුරු කිරීමේ අරමුණින් ඔවුන් සමග සමීපව කටයුතු කරමින් සිටියි.

විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හී ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත්, විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලූම ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. දැනට යුක්රේනය වෙත සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වලකින ලෙස ද අමාත්‍යාංශය සියලූම ශී‍්‍ර ලාංකිකයන්ට උපදෙස් ලබාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment