ශී‍්‍රධරන්ට එරෙහි විරෝධතාවෙන් පසු ටී.එන්.ඒ – ඊ.පී.ඞී.පී. ආධාරකරුවෝ ගුටි කෙළියක දෙදෙනකුට තුවාල

95

දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් හා ඊ.පී.ඞී.පී. සංවිධානයේ ආධාරකරුවන් පිරිසක් අතර වවුනියාවේ කට්කුලි ප‍්‍රදේශයේ දී ඇති වූ ගැටුමකින් දෙමළ ජාතික සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනකු 20 වැනිදා තුවාල ලබා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයාට එරෙහිව වවුනියාව නගරයේ විරෝධතාවක් සංවිධානය කිරීමෙන් පසුව ඇති වූ බහින්බස් වීමක් මත මේ දෙපිරිස අතර ගැටුම හට ගෙන තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයාගේ රුවට සමාන අනුරුවක් පඹයකු ලෙස සකසා ඊ.පී.ඞී.පී. ආධාරකරුවන් එය නගරය පුරා ඇදගෙන ගොස් ගිනි තබා තිබුණි.

පාර්ලිමේන්තුවේ දී ශ‍්‍රීධරන් මන්ත‍්‍රීවරයා වන්නියේ ඊ.පී.ඞී.පී. මන්ත‍්‍රී දිලීපන් මහතාට එරෙහිව සිදු කරන ලද ප‍්‍රකාශයකට විරෝධය පළ කිරීම සඳහා එම විරෝධතාවය ඊ.පී.ඞී.පී. පාක්ෂිකයන් විසින් සංවිධානය කර තිබුණි.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment