ශී‍්‍රපාද වන්දනාකරුවන්ට මාර්ගෝපදේශ එයි

127

ශී‍්‍රපාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත ගෙන යාම අනිවාර්ය කර ඇත.

ඊට අමතරව මෙවර ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන අය සඳහා තවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රීපාද වාරය ලෙස ලබන 18 වැනිදා සිට 2022 මැයි 16 වැනිදා දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර වන්දනාවේ යෙදෙන බැතිමතුන් එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ළඟ තබාගත යුතු වේ.

වන්දනාකරුවන් මුඛ ආවරණ පැළඳ ගමන් කිරීමල දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අනිවාර්ය කර ඇත.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බව ටද ගැසට් නිවේදනයක් මගින් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment