ශී‍්‍රමාලි රන් දිනයි – පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී

225

උස්බෙකිස්ථානයේ ටෂ්කෙන්ට් අගනුවරදී දැන් ක‍්‍රියාත්මක ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේ දෙවන දිනය වූ ඊයේ (08) ශ‍්‍රීමාලී සමරකෝන් කාන්තා කිලෝ ග‍්‍රෑම් 45 ට අඩු බර පන්තිය යටතේ තරග බිමට අවතීර්ණ වූ අතර එහිදී ඇය පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම දිනා ගනිමින් කැපී පෙනුණි.

ලෝක ශුරතා තරගාවලියේ පදක්කමක් අහිමි වුවද කිලෝග‍්‍රෑම් 45 ට අඩු බර පන්තියේ පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ රන් පදක්කම දිනා ගැනීම සඳහා පැමිණි ගමනේදී ඇය ස්නැච් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 58 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝ ග‍්‍රෑම් 78 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 136 ක් එසවීමට සමත් වූවා ය.

මෙවර ලෝක ශූරතා තරගාවලිය සහ පොදු රාජ්‍ය මණ්ඩලීයීය තරගාවලිය එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන්වෙන්ව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් නම් කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබීම විශේෂත්වයකි. එහි ප‍්‍රතිඵලයක් ලෙස කිලෝග‍්‍රෑම් 45 ට අඩු බර පන්තියේ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ‍්‍රීමාලී සමරකෝන් ට හැකිවීම විශේෂත්වයකි.

මෙවර තරගාවලිය ආරම්භ කරමින් පෙරේදා (07) පැවති කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර ඉසව්වට ‘ඊ” වේදිකාවෙන් ඉදිරිපත් වුණු ඩිලන්ත ඉසුරු කුමාර ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට ගත් උත්සාහයන් ත‍්‍රිත්වයම අසාර්ථක වීම හේතුවෙන් ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි.

ඔහු එහිදී ස්නැච් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 105 ක් එසවීමට සමත් වුවද එය පදක්කමක් කරා යාමට තරම් ප‍්‍රමාණවත් නොවීය. ස්නැච් ක‍්‍රමයට ආරම්භක බර ප‍්‍රමාණය වූ කිලෝ ග‍්‍රෑම් 105 එවීමට සමත් වුවද ඔහු ගත් දෙවන සහ තෙවන උත්සාහයන් අසාර්ථක විය. ඒ සඳහා ඔහු ගත් බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 110 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment