ශී‍්‍රලනිපයේ 70 වෙනි සංවත්සරය සමරා පොලොන්නරුවේ ලේ දන්දීමේ පිංකමදා

91

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් දිවයින පුරා ක‍්‍රියාත්මක කරන ලැබූ ලේ දන්දීමේ වැඩ සටහන් මාලාවට සමගාමීව පොලොන්නරුව බෞද්ධ සංගමයේ මෙහෙයවීමෙන් ලේ දන්දීමේ වැඩ සටහනක් ඊයේ (01 දා) පොලොන්නරුවේ දී පැවැත්විණි.

ශී‍්‍රලනිපයේ 70 වෙනි සංවත්සරය සමරා  පොලොන්නරුවේ ලේ දන්දීමේ පිංකමදා

පොලොන්නරුව නව වෙළෙඳ සංකීර්ණයේ ශ‍්‍රවණාගාරයේ පැවැති මෙහි සමාරම්භක අවස්ථාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා පොලොන්නරුව බෞද්ධ සංගමයේ සභාපති, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහභාගී විය. පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් පිරිසක් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරීහු රැුසක්ද මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාද එයට එක්ව සිටියහ. පොලොන්නරුව මහ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය පරිත්‍යාගශීලීන්ගේ ලේ ලබාගැනීම සිදුකළහ.

කරුණාරත්න ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment