ශී‍්‍රලනිපය හෙට 70 සමරයි

259

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70වැනි සංවත්සරය හෙට (02දාට) යෙදී තිබේ.

එය නිමිති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

එදින සිය පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් එම ප්‍රකාශය කිරීමට නියමිත බව පක්ෂ මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය නිල නිවසේ සිට සවස පහට සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සූම් තාක්ෂණය ඔස්සේ ඇමැතීමට නියමිතය.

පක්ෂ සංවත්සරය නිමිති කරගෙන ලේ පයින්ට් දස දහසක් පිරිනැමී මේ ජාතික වැඩසටහනක් ද නිදහස් පක්ෂය විසින් ඉකුත් විසිතුන්වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ දී පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

advertistmentadvertistment
advertistmentadvertistment