ශී‍්‍ර පාද වන්දනා සමය අරඹමින් පෙරහැර 4කින් සමන් දේව ප‍්‍රතිමාව අද ශී‍්‍ර පාදස්ථානයට

359

මෙම වසරේ ශ‍්‍රී පාද වන්දනා සමය ඇරඹීම උදෙසා චාරිත‍්‍රානුකූලව සධාතුක කර`ඩුව සහ සුමන සමන් දේව ප‍්‍රතිමාව ශ‍්‍රී පාදස්ථානය දක්වා වැඩම කිරීම අද (17දා) පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයෙන් උදෑසන 5 ට පමණ ආරම්භ කෙරේ. මේ වෙනුවෙන් මෙවරද පෙරහැර 4 ක් ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ශ‍්‍රී පාදස්ථානය වෙත ගමන් කිරීම ශ‍්‍රී පාදස්ථානාධිපති පූජනීය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

ශී‍්‍ර පාද වන්දනා සමය අරඹමින් පෙරහැර 4කින් සමන් දේව  ප‍්‍රතිමාව අද ශී‍්‍ර පාදස්ථානයට

මෙහි එක් පෙරහැරක් බළන්ගොඩ බොගවන්තලාව මාර්ගය ඔස්සේ නල්ලතන්නිය වෙතත්, තවත් පෙරහැරක් පැල්මඩුල්ල අවිස්සාවේල්ල හැටන් මාර්ගය හරහා ද අනෙක් පෙරහැර පලාබද්දල මාර්ගය ඔස්සේ නල්ලතන්නියට ළඟා වීමට නියමිතය. සිව්වන පෙරහැර කුරුවිට එරත්න මාර්ගය ඔස්සේ ගමන් කෙරෙන අතර උඳුවප් පසළොස්වක පොහෝ දිනයේ (18දා) මෙම සධාතුක කර`ඩුව සහ දේව ප‍්‍රතිමා ශ‍්‍රී පාද මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව සිදු කරනු ලබන පුද පූජා වලින් අනතුරුව සිරිපා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව සැලසේ. වර්තමානයේ පවතින කොවිඞ් වසංගතය නිසා සිරිපා වන්දනාව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු

ගැසට් පත‍්‍රයක් ද රජය මගින් නිකුත් කර තිබේ. මෙම පෙරහැර සඳහා උපහාර දැක්වීමට ජනතාව මේ වන විටත් කොඩි, බැනර්, තොරණ ඉදි කර තිබෙන බව දැක ගන්නට තිබේ.

බළන්ගොඩ – එන්. එච්. පියසේන, රත්නපුර විශේෂ – තිලකසිරි දෑල බණ්ඩාර, ගිනිගත්හේන – ෂේන් වීරසිංහ සහ කහවත්ත – සමරවීර නිරෝෂන්

advertistmentadvertistment
advertistmentadvertistment