ශී‍්‍ර ලංකාවට එරෙහි දකුණු අපි‍්‍රකානු සංචිතය නම් කරයි

483

ශී‍්‍ර ලංකාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියට අදාළ දකුණු අපි‍්‍රකානු සංචිතය නම් කර තිබේ. එ් අනුව නම්කරන ලද ටෙම්බා

 බවුමාගේ නායකත්වයෙන් යුත් එක්දින සහ විස්සයි විස්ස සංචිතය ප‍්‍රකාශයට පත් කිරීමට ඊයේ (12 වැනිදා* දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබිණි.

 වෛද්‍ය හේතූන් මත බටහිර ඉන්දීය කොදෙව් සහ අයර්ලන්ත සංචාරය අහිමි වූ ඞ්වෝන් පිටෝරියස් ශී‍්‍ර ලංකාවට එරෙහි එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙකටම කැඳවීමට දකුණු අපි‍්‍රකානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. එහිදී ක්වින්ටන් ඩි කොක් එක්දින තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර විස්සයි විස්ස තරගාවලියේදී ඔහු කණ්ඩායමට එක්වීමට නියමිතව තිබේ.

 අයර්ලන්තයට එරෙහිව පැවැති අවසන් විස්සයි විස්ස තරගයේදී ආබාධයකට ලක් වූ ඬේවිඞ් මිලර් එක්දින තරගාවලියට නම් කොට නොමැති අතර වෛද්‍ය උපදෙස් මත විස්සයි විස්ස තරගාවලියට කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවට එරට කි‍්‍රකට් ආයතනය ප‍්‍රකාශ කර සිටී. ලූංගි න්ගිඩි පෞද්ගලික හේතුවක් මත එක්දින තරගාවලියෙන් ඉවත් වී ඇති අතර විස්සයි විස්ස තරගාවලිය සඳහා ඔහු එක්වන බවද එහිදී එරට කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් කියා සිටී.

 ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ආරම්භ කිරිමට නියමිත අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබේ. තරගාවලියේ සියලූම තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට්  කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 නම්කරන ලද දකුණු අපි‍්‍රකානු එක්දින සහ විස්සයි විස්ස සංචිතය – ටෙම්බා බවුමා (නායක*, ජුනියර් ඩාලා, බියුරන් හෙන්ඩි‍්‍රක්ස්, රීසා හෙන්ඩි‍්‍රක්ස්, හෙන්රිච් ක්ලාසන්, ජෝර්ජ් ලින්ඬේ, ජන්නමන් මලන්, කේෂව් මහරාජ්, ඒඩන් මාක‍්‍රම්, වියාන් මෝල්ඩර්, ඇන්රිච් නෝර්ට්ජේ, ඇන්ඩිලේ පෙහෙලූක්වායෝ, ඬේවියන් පිටෝරියස්, කාගිසෝ රබාඩා, ටබ‍්‍රයිස් ෂම්සි, රසී වෑන්ඩර් ඩුසෙන්, කයිල් වෙරීන්, ලීසාඞ් විලියම්ස්. ක්වින්ටන් ද කොක්, ජෝර්න් ෆෝටුයින්, සිසන්ද මාගල, ඒඞ්න් මාක‍්‍රම්, ඬේවිඞ් මිලර්, ලූන්ගි න්ගිඩි , ලීසාඞ් විලියම්ස්.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment