ශී‍්‍ර ලංකාවට දිනන හැටි අමතක වෙලා – මුත්තයියා මුරලිදරන්

276

 ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට තරග ජයග‍්‍රහණය කිරීම අමතකව ගොස් ඇති බව කි‍්‍රකට් තාක්‍ෂණික කමිටුවේ සාමාජික හිටපු සුපිරි කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් මහතා ඊඑස්පීඑන් කි‍්‍රක්ඉන්ෆො වෙබ් අඩවියට ප‍්‍රකාශ කර ඇත.
 
 ශී‍්‍ර ලංකාව ඉන්දියාව හමුවේ පෙරේදා (20 දා* ලද පරාජයෙන් පසුව එසේ ප‍්‍රකාශ කර ඇති මුරලිදරන් මහතා එහිදී මෙසේද ප‍්‍රකාශ කර ඇත.
 
 මම මීට පෙරත් ප‍්‍රකාශ කළා ශී‍්‍ර ලංකාව තරග දිනන හැටි දන්නෙ නැහැ වසර ගණනාවක සිට ඔවුන්ට දිනන මාවත අමතක වෙලා තිබෙනවා කියා. ඒක බරපතළ කාරණයක්. ඔවුන් තරග දිනන්නේ කොහොමද කියලා නොදැනීම සුළුවෙන් තකන්න බැහැ.
 
 පළමු පන්දුවාර 10-15 තුළ ඉන්දියාවේ කඩුලූ 3 ක් දවා ගතහොත් ඔවුන් අමාරුවේ වැටෙන බව මම මීට පෙරත් ප‍්‍රකාශ කළා. ඇත්තටම ඒ දෙය සිදු වුණා. ඒත් දීපක් චහාර් සහ බුවනේෂ්වර්ගේ දැඩි උත්සාහය මත ඔවුන් ජය ගත්තා.
 
 ඒ වගේම ශී‍්‍ර ලංකාව වැරැුදි ගොඩක් කළා. ඔවුන් වනිඳු හසරංගව පන්දු යැවීමට යොමුකර කඩුලූ දවාගත යුතුයි. ඔහුව තබාගෙන ඉඳලා වැඩක් නැහැ. ලකූණු හිර කරනවට වඩා කඩුලූ දවා ගැනීමට ඔහුව යොදාගත යුතුයි.
 
 චහාර් හෝ බුවනේෂ්වර යන දෙදෙනාගෙන් එක් අයකු හෝ දවා ගත්තා නම් ඊළඟට පැමිණෙන අවසන් පිතිකරුවන්ට ඕවරයකට ලකුණු 8-9 ක වේගයක් පවත්වා ගෙන යෑමට නොහැකියි. ඔවුන් මෙවැනි වැරැුදීම් කිහිපයක් කළා. ඒත් ඔවුන් අත්දැකීම් අඩු කණ්ඩායමක්. ශී‍්‍ර ලංකාවට දැන් දිනන්න අමතක වී ඇත. දිනන මඟට අවතීර්ණ වීමේ හැකියාව ශී‍්‍ර ලංකාව සතු බවද මුරලිදරන් මහතා ප‍්‍රකාශ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment