ශී‍්‍ර ලංකාවට නැම්බියාව නෙදර්ලන්තය සහ අයර්ලන්තය අතර තරග

357

මේ වසරේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ප‍්‍රධාන තරගාවලියට පෙර සුදුසුකම් තේරීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවී තිබේ.
 
 සුදුසුකම් තේරීමේ තරගාවලියේදී ශී‍්‍ර ලංකාව අයත් වන කාණ්ඩයට නැම්බියාව, නෙදර්ලන්තය සහ අයර්ලන්තය අයත් වේ. සුදුසුකම් තේරීමේ තරගාවලිය යටතේ කාණ්ඩ දෙකක් නම් කර ඇති අතර එම කාණ්ඩ දෙකෙන් ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබයි. ශී‍්‍ර ලංකාවේ සුදුසුකම් තේරීමේ තරග ඕමානයේදී පැවැත්වේ.
 
 ලෝක කුසලාන තරගාවලියේ ප‍්‍රධාන තරග ඩුබායි, අබුඩාබි සහ සාරා  කී‍්‍රඩාංගණවලදී පැවැත්වේ.
 
 සුදුසුකම් තේරීමේ තරගාවලිය I වැනි කාණ්ඩය
 
 ශී‍්‍ර ලංකාව, නැම්බියාව, නෙදර්ලන්තය, අයර්ලන්තය
 
 II වැනි කාණ්ඩය
 
 බංග්ලාදේශය, ඕමානය,  පැපුවානිව්ගිනියාව, ස්කොට්ලන්තය
 
සුපිරි 12 දෙනාගේ අදියර  ‘ඒ’ කාණ්ඩය
 
 එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව, බටහිර ඉන්දීය කොදෙව්, I වැනි කාණ්ඩයේ ශූරයන් සහ දෙවැනි කාණ්ඩයේ අනුශූරයන්
 
 ‘බී’ කාණ්ඩය
 
 ඉන්දියාව, පකිස්තානය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය, I වැනි කාණ්ඩයේ අනුශූරයන් සහ II වැනි කාණ්ඩයේ ශූරයන්

– කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment