ශී‍්‍ර ලංකාවට ලකුණු 303ක ඉලක්කයක්

139

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර කි‍්‍රයාත්මක දෙවැනි එක්දින තරගයේදී ඊයේ (18 වැනිදා) පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලූ 8ක් දැවී ලකුණු 302 ක් ලබා ගැනීමට සමත් විය. එ් අනුව තරගය කි‍්‍රයාත්මක මහනුවර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඊයේ රාති‍්‍රයේදී ජයග‍්‍රහණය සඳහා ලකුණු 303ක ඉලක්කයක් හිමි වී තිබිණි.

සිම්බාබ්වේ ඉනිම ආරම්භ කළ ටකුඞ්වාන්ශේ කයිටානෝ සහ රෙගිස් චකබාවා පළමු කඩුල්ලට ලකුණු 59ක් එක් කළේය. වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ටකුඞ්වාන්ශේ කයිටානෝ ලකුණු 26කට දැවී යෑමත් සමගින් සිම්බාබ්වේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව තරගයේ 9 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේදී බිඳ වැටුණි.

අනතුරුව චකබාව සමගින් පිටියට එක් වූ නායක ක්‍රෙග් අර්වින් දෙවැනි කඩුල්ලට ලකුණු 31ක් එක් කළේය. එම සම්බන්ධතාවටත් තිත තැබීමට සමත් වූ වැනඩර්සේ චකබාවගේ ඉනිම ලකුණු 47කට සීමා කරමින් සංචාරක පිලේ දෙවැනි කඩුල්ලද බිඳ දැමීය.

ශී‍්‍ර ලංකාවට ලකුණු 303ක ඉලක්කයක්

තෙවැනි කඩුල්ලට පිටියට එක් වූ ෂෝන් විලියම්ස් නායකයා සමගින් එක්ව එම කඩුල්ලට ලකුණු 106ක් එක් කළේය. වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ ෂෝන් විලියම්ස් ලකුණු 48කට දැවී යෑමත් සමගින් එම සම්බන්ධතාවටද තිත වැටුණි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ ක්‍රෙග් අර්වින් පන්දු 98කදී ලකුණු 91ක් ලබා සිටියදී මහීෂ් තීක්ෂණගේ පන්දුවකට ගොදුරු වී දැවී ගියේය. එම ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වී තිබිණි.

සිම්බාබ්වේ ඉනිම 300 සීමාවට රැුගෙන ආ ෂිකන්දර් රාස් පන්දු 46කදී ලකුණු 56ක් වාර්තා කළේය.

ඊයේ තරගය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් අවතීර්ණ වෙද්දී සිම්බාබ්වේ කණ්ඩායම පළමු තරගයට කී‍්‍රඩා කළ කණ්ඩායමම ඊයේ තරගයට කී‍්‍රඩා කළේය. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ චාමික ගුණසේකර වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා තිබිණි. කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා දුෂ්මන්ත චමීරට පළමු තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ අතර ඒ වෙනුවට චාමික ගුණසේකරට අවස්ථාව හිමිවිය. මංගල එක්දින වරම් දිනාගත් තරගයේදීම චාමික පන්දුවාරයක් යැවීමෙන් අනතුරුව ආබාධයකට ලක්ව පිටියෙන් ඉවතට ගියේය.

මේ අතර ධනංජය ද සිල්වාගේ සේවය කණ්ඩායමට අහිමිවීමත් සමඟ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය තාවකාලිකව චරිත් අසලංකට ලබා දී තිබේ. පළමු තරගයේදී අසලංක ලකුණු 71 ක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් සිදු කළේය.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 8ක් දැවී ලකුණු 302යි (ටකුඞ්වාන්ශේ කයිටානො 26, රෙගිස් චකබ්වා 47, ක්‍රෙග් අර්වින් 91, ෂෝන් විලියම්ස් 48, සිකන්දර් රාසා, 56, රයන් බර්ල 19, ජෙෆ්රි වැන්ඩර්සේ 51/3, මහීෂ් තීක්ෂණ 49/1, නුවන් ප‍්‍රදීප් 74/2, චාමික කරුණාරත්න 24/1)

advertistmentadvertistment
advertistmentadvertistment