ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කැරට් 1,550,000 ක් බර ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මාධ්‍ය ඉදිරියට

457

ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික මෙරටින් හමුවී තිබේ.

ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග‍්‍රෑම් 310කට ආසන්නය.

ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කැරට් 1,550,000 ක් බර ලොව විශාලතම ස්වාභාවික  තනි නිල් මැණික මාධ්‍ය ඉදිරියට

ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙය වෙයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප‍්‍රදේශයෙන් හමුවී ඇති මෙම මැණික ජිමලොජිකල් ඉන්ස්ටටියුට් ඇන්ඞ් රිසර්ච් ප‍්‍රයිවට් ලිමිටඞ් නම් ආයතනයට අයත් බවය.

එම මැණික මේ වනවිට හොරණ ප‍්‍රදේශයේ තැන්පත් කර ඇති අතර ඊයේ (12දා) පෙරවරුවේ එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි. එහි බර කැරට් 1,550,000 ක් පමණ වන බවද එම අධිකාරිය පවසයි. තනි පාෂාණයකින් මෙම මැණික නිර්මාණය වීම විශේෂත්වයකි.

මහා සංඝරත්නයේ සෙත්සිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම මැණික මාධ්‍ය වෙත නිරාවරණය කිරීම විශේෂත්වයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment