ශී‍්‍ර ලංකාවෙන් 9ක් බී.පී.එල්. තරගාවලියට

455

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක කෙටුම්පත්කරණය ඊයේ (27 වැනිදා) සිදු කෙරිණි. එ් අනුව එහිදී මෙවර බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් සඳහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් 9 දෙනකු තෝරාගෙන තිබේ.

 කී‍්‍රඩක කෙටුම්පත්කරණයේදී ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන, සීකුගේ ප‍්‍රසන්න, ඇන්ජලෝ පෙරේරා, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් යන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් තරගාවලිය සඳහා තෝරාගෙන තිබේ. එ් අනුව එහිදී කෙටුම්පත්කරණයට පෙරම ධනුෂ්ක ගුණතිලක ෆෝචුන්ස් බරිසල් කණ්ඩායමට තෝරාගෙන තිබූ අතර නිරෝෂන් දික්වැල්ලද එම කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වී තිබේ.

 තිසර පෙරේරා සහ භානුක රාජපක්ෂ කුල්නා ටයිගර්ස් කණ්ඩායම සමගින් ගිවිසුම්ගත වී ඇති අතර සීකුගේ ප‍්‍රසන්නද එම කණ්ඩායමට තෝරාගෙන තිබේ.

 ඇන්ජලෝ පෙරේරා, දිනේෂ් චන්දිමාල් සිල්හෙට් කණ්ඩායම සමගින් සහ කුසල් මෙන්ඩිස් කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමගිනුත් ඉසුරු උදාන ඩකා කණ්ඩායම සමගිනුත් ගිවිසුම්ගත වී තිබේ.

 බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලිය ලබන ජනවාරි මස 21 වැනිදා ආරම්භ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment