ශී‍්‍ර ලංකාවේ ටිආනා ඇමරිකාවේදී රන් දිනයි

446

ජිම්නාස්ටික් යූ.එස්.ඒ. 2021 ජාත්‍යන්තර තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ ටිආනා ගුණසේකර සමත්වී තිබේ. කොළොම්බියාවේදී පැවැති අදාළ තරගාවලියේදී ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටිආනා තරග වැදුණු අතර එහිදී බාලිකා අංශයෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත්වූවාය.

ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකාව වන ටිආනා ජිම්නාස්ටික් යූ.එස්.ඒ. 2021 ජාත්‍යන්තර තරගාවලියේදී රටවල් 41ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අභිබවා යමින් අදාළ රන් පදක්කම දිනා ගැනීමට සමත්වූවාය.

ජිම්නාස්ටික් යූ.එස්.ඒ. 2021 ජාත්‍යන්තර තරගාවලියේදී ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීමත් එහිදී රන් පදක්කම දිනා ගැනීමට ලැබීමත් පිළිබඳ මෙන්ම තමන් ශී‍්‍ර ලාංකික දැරියක් වීම පිළිබඳවද මහත් ලෙස ආඩම්බර වන බව මාධ්‍යට අදහස් දක්වමින් ටිආනා ප‍්‍රකාශකර සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment