ශී‍්‍ර ලංකාව අද තරගාවලි පරාජයෙන් බේරීමේ සටනක – ඉන්දියානු කි‍්‍රකට් කණ්ඩායමේ ශී‍්‍ර ලංකා සංචාරය

177

ශී‍්‍ර ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (20 වැනිදා) පැවැත්වේ. එ් අනුව අදාළ තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද සවස 3.00ට ආරම්භ කෙරේ.

අයි.සී.සී. ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පිට පිටම එක්දින තරගාවලි 3කදී අන්ත පරාජයක් ලබා සිටින ශී‍්‍ර ලංකාව මෙම තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තව දුරටත් තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීම අනිවාර්ය කරුණක් වී තිබේ. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 3-0කින්, බංග්ලාදේශයට එරෙහිව 2-1කින් සහ එංගලන්තයට එරෙහිව 2-0කින් තරගාවලි පරාජයක් ලැබූ ශී‍්‍ර ලංකාව මේ වන විට සුපර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ 12 වැනි ස්ථානයට පත්ව තිබේ. මේ අතර සුපර් ලීග් තරගාවලිය යටතේ සහභාගි වූ තරග 10කින් තරග 8ක් පරාජයට පත්වී ඇති ශී‍්‍ර ලංකාව එක් තරගයක් ජය ගැනීමට සහ එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් කර ගැනීමට සමත්ව තිබේ.

දෙරට අතර කි‍්‍රයාත්මක එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලූ 7කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. එ් අනුව 1-0 කින් තරගාවලියේ පෙරමුණ ගැනීමට මේ විට සමත්වී සිටින ඉන්දීය කණ්ඩායමට අද තරගය ජයගැනීමට සමත් වුවහොත් තරගාවලියේ ජය වේලාසනින්ම වෙන්කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත. නවීකරණය කරන ලද ආර්. පේ‍්‍රමදාස තණතීරුවේදී පළමු තරගයේදී පහසුවෙන් ලකුණු රැුස් කිරීමට ඉන්දීය කණ්ඩායම සමත්වූ අතර ශී‍්‍ර ලංකා පිතිකරුවෝද යම් කිසි ප‍්‍රමාණයකින් ලකුණු අතරට පිවිසෙනු දක්නට ලැබිණි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙන්ම නවක කී‍්‍රඩකයන් රැුසකගෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද තරගය ජය ගනිමින් තරගාවලියේ ජය වේලානින්ම වෙන්කර ගැනීමට සියලූ උපාය මාර්ග සකසනු ඇත.

පළමු තරගයට කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමම අද තරගයට කී‍්‍රඩා කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර ඉන්දීය සංචීතයට වෙනසක් නොකරනු ඇති බවට කි‍්‍රකට් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ජ්‍යෙෂ්ඨ පිතිකරුවන් රහිත ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙන්ම ඉන්දීය කණ්ඩායමද නවක කී‍්‍රඩකයන් රැුසකගෙන් සමන්විත වේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නවකයන්ට වඩා අයි.පී.එල්. කී‍්‍රඩා කිරීමෙන් ලැබූ පන්නරය සමගින් කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට නම් අද තරගයේදී පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් කී‍්‍රඩා කිරීම මෙන්ම ලකුණු 300 සීමාව අභිබවා ලකුණු රැුස්කිරීම ශී‍්‍ර ලංකාවට අනිවාර්ය වී තිබේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක) අවිශ්ක ප‍්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, වනි`දු හසරංග, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන්

ඉන්දීය කණ්ඩායම – ශිකර් ධවාන් (නායක) ඉෂන් කිෂන්, පි‍්‍රතිව් ෂා, මනිෂ් පාණ්ඬේ, සූර්යකුමාර් යාදව්, හර්දික් පාණ්ඩ්‍යා, කූනාල් පාණ්ඩ්‍යා, දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, යුෂ්වේන්ද්‍ර චාහල්, කුල්දීප් යාදෙව්.

– කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment