ශී‍්‍ර ලංකාව තුන් ඉරියව්වෙන්ම ඔස්ටේ‍්‍රලියාවට පරදී

1133

2021 පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාවට පළමු තරග පරාජය උරුම කර දෙමින් ඒරන් ෆින්ච් ප‍්‍රමුඛ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම කඩුලූ‍ 7ක ජයග‍්‍රහණයක් ඊයේ (28 වෙනිදා)  ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ලබා ගත්තේය.

සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ පැවැති මෙම තරගයේදී ඔස්ටේ‍්‍රලියා නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලූ‍ 6ක් දැවී ලබා ගත් ලකුණු 154 පන්දු වාර 17ක් තුළදී ඉක්මවා යාමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් විය.

ශී‍්‍ර ලංකාව තුන් ඉරියව්වෙන්ම ඔස්ටේ‍්‍රලියාවට පරදී

කුසල් ජනිත් විසින් දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ අත් හරින ලද පහසු උඩ පන්දුවෙන් මනා ලෙස ඵල නෙලා ගත් ඬේවිඞ් වෝනර් ශ‍්‍රී ලංකාව හමුවේ එක දිගට තරග 4කදී ලකුණු 50 සීමාව ඉක්මවා යමින් පන්දු 41කදී ලකුණු 65ක් ලබා ගත්තේය.

වනිඳු හසරංග විසින් නායක ඒරන් ෆින්ච්ගෙ සහ ග්ලේන් මැක්ස්වල්ගේ කඩුලූ‍ දවා ගත්තද එය ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් නොවීය. ලහිරු කුමාරගේ පන්දු වාර 3 තුළදී ඔස්ටේ‍්‍රලියා පිතිකරුවන් ලකුණු 48ක් ලබා ගැනීම කැපී පෙනිණි. දුෂ්මන්ත චමීරද පන්දු වාර 3 ක් තුළදී ලකුණු 33ක් ලබා දී තිබුණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක දෙදෙනා ලකුණු 35 බැගින් ලබා ගත් අතර ඉනිම අවසන් වන තෙක් සිය කඩුල්ල රැක ගෙන සිටි භානුක රාජපක්ෂ පන්දු 26කදී ලකුණු 33ක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 7කට දැවී යෑමෙන් පසු ඩුබායි ක‍්‍රීඩාංගණයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ජීවය ලබා දුන් චරිත් අසලංක සහ කුසල් ජනිත් පෙරේරා දෙදෙනා එකතුව දෙවෙනි කඩුල්ල වෙනුවෙන් පන්දු 44කදී ලකුණු 63ක් ලබා ගත්තේය.

තරගයේ තමන් මුහුණ දුන් පළමු පන්දු දෙකටම 4 පහර දෙකක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීමට අවතීර්ණ වූ චරිත් අසලංක ග්ලේන් මැක්ස්වල් ක‍්‍රියාත්මක කළ ඊළඟ පන්දුවාරයේ පළමු පන්දුවම මීටර් 86ක් දුරට පන්දුව ගුවනේ පියාසර කරවමින් ලකුණු 6ක් ලබා ගත්තේය.

මැක්ස්වල්ගේ එම පන්දුවාරය තුළදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 16ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකාව සිය පළමු පන්දුවාර 5 තුළදී ලකුණු 46ක්ද, පවර්ප්ලේ පන්දුවාර 6 තුළදී ලකුණු 53ක් ලබා ගත්තේය.

ශ‍්‍රී ලංකා ඉනිම ලකුණු 154කට සීමා කිරීමට වඩාත්ම දායකත්වය ලබා දුන් ඇඩම් සම්පා චරිත් අසලංක දවාලමින් ශ‍්‍රී ලංකාවේ වේගවත් ලකුණු ලබා ගැනීම අඩාල කිරීමට මූලික පියවර තැබූ අතර සම්පාගේ ගුග්ලි පන්දුවත් පා දග පන්දුවත් අතර මංමුලා වූ ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට ඔහුගේ පන්දුවාර 4 තුළදී ලබා ගත හැකි වූයේ ලකුණු 12ක් පමණි.

පළමු පන්දු වාර 10 තුළදී ලකුණු 79ක් ලබා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 වාර්තා කිරීමට 15වෙනි ඕවරය වන තෙක් සිටීමට වූ අතර භානුක රාජපක්ෂ ඉනිමේ අවසන් භාගයේදී දක්ෂ ලෙස පන්දුවට පහර දුන් අතර මාකස් ස්ටොයිනිස්ගේ පන්දුවාරයකට එහිදී එක දිගට 4 පහර දෙකක් සහ 6 පහරක් එල්ල කිරීමට භානුක සමත් වූයේය.

මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකින් පන්දු වාර විස්සයි විස්ස තරගවල සිය 50වෙනි 6 පහර වාර්තා කිරීමට ඊයේ සමත් වූ කුසල් ජනිත් පෙරේරාට තවත් පන්දුවකට වඩා කඩුල්ලේ රැදී සිටීමට ඉඩ ලබා නොදෙමින් කඩුල්ල බිඳ දැමීමට ස්ටාර්ක්ගේ යෝකර් පන්දුව සමත් වූයේය.

ශී‍්‍ර ලංකාව සහභාගි වන මීළග තරගය ලබන 30 වැනිදා දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමගින් පැවැත්වේ.

ලකුණු සටහන

ශී‍්‍ර ලංකාව පන්දුවාර 20දී කඩුලූ 06ක් දැවී ලකුණු 154යි (පැතුම් නිස්සංක 07, කුසල් පෙරේරා 35, චරිත් අසලංක 35, අවිශ්ක ප‍්‍රනාන්දු 04, භානුක රාජපක්ෂ (නොදැවී) 33, වනිඳු හසරංග 04, දසුන් ශානක 12, චාමික කරුණාරත්න (නොදැවී) 09, මිචෙල් ස්ටාර්ක් 27/2, පැට් කමින්ස් 34/2, ඇඩම් සම්පා 12/2)

ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 17කදී කඩුලූ 03ක් දැවී ලකුණු 155යි (ඬේවිඞ් වෝනර් 65, එ්රන් ෆින්ච් 37, ග්ලේන් මැක්ස්වෙල් 05, ස්ටීවන් ස්මිත් (නොදැවී) 28, මාක‍්‍රස් ස්ටොනිස් (නොදැවී) 16, වනිදු හසරංග 22/2, දසුන් ශානක 06/1)

කුෂාන් සුබසිංහ ඩුබායි සිට….
 

advertistmentadvertistment
advertistmentadvertistment