ශී‍්‍ර ලංකාව පිට පිටම සිව්වැනි තරගයත් පරදී… ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය

124

ආසියානු කුසලාන වයස අවුරුදු 23 න් පහළ පිරිමි පාපන්දු තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීමේ මූලික වටයට අවතීර්ණ වෙමින් මුහුණ දුන් තෙවන හා අවසන් තරගයේදී යේමනය හමුවේ ගෝල් 03 – 00 ක අමිහිරි පරාජයක් අත් විඳීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01 – 00 ක් ලෙස පෙරමුණේ පසු වූ යේමනය දෙවන භාගයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව තවත් ගෝල් 02 ක් රැුස් කර ගනිමින් අදාළ ජයග‍්‍රහණය සටහන් කර ගත්හ.

ශී‍්‍ර ලංකාව පිට පිටම සිව්වැනි තරගයත් පරදී... ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය

මෙම තරගය ඇරඹී 30, 60 සහ 68 මිනිත්තු වලදී අදාළ ගෝල් වාර්තා කර ගැනීමට යේමනය නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූ අතර ඔවුන්ගේ ගෝල් සීමාව පසු කර යෑමට සමත් පන්දු පහරක් එල්ල කිරීමට ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන්ට නොහැකි වීම ද කැපී පෙනුණි.

මෙදින සිරියාව සහ කටාර් රාජ්‍යය අතර ක‍්‍රියාත්මක වූ තරගය ගෝල් 01 – 01 ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

ඒ අනුව ප‍්‍රසාද ලකුණු 07 ක් ලබා ගනිමින් ‘ඒ’ කොටසේ ශූරතාව තහවුරු කර ගන්නට ‘කටාර් රාජ්‍යය’ සමත්ව වූයේ මීළඟ ආසියානු කුසලාන කනිෂ්ඨ තරගාවලියට සුදුසුකම් ලබා ගනිමිනි.

දෙවැනි ස්ථානයට පත් වූ ‘සිරියාව’ ට හිමිවූ ලකුණු සංඛ්‍යාව 05 කි. ප‍්‍රසාද ලකුණු 04 ක් සටහන් කර ගත් ‘යේමනය’ට තෙවන ස්ථානය හිමි විය.

පළමු තරගයේ දී කටාර් රාජ්‍යය හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස ද දෙවන තරගයේදී සිරියාව හමුවේ ගෝල් 05 – 00 ක් ලෙස ද තෙවන තරගයේ දී යේමනය හමුවේ ගෝල් 03 – 00 ක් ලෙස ද පරාජය ලැබූ සසංක ඩිල්හාර ජයසේකර ගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා පිලට එකදු ප‍්‍රසාද ලකුණක් හෝ නොමැතිව අවසන් ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment