ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශ යොවුන් දෙවැනි එක්දින තරගය අද

181

ශී‍්‍ර ලංකා 19න් පහළ යොවුන් කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ 19න් පහළ යොවුන් කණ්ඩායම අතර කි‍්‍රයාත්මක එක්දින තරගාවලියේ දෙවැනි තරගය අද (18 වැනිදා) දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. එ් අනුව තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතව තිබේ.

දෙරට අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්විය. එ් අනුව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට සමත්වී සිටි.

දෙරට අතර පළමු තරගයේදී ලද ජයග‍්‍රණයත් සමගින් අද තරගයට යහපත් මානසිකත්වයක් යටතේ මුහුණ දීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාව ඇති අතර තරගාවලියේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීම වෙනුවෙන් සංචාරක කණ්ඩායම අද තරගය ජය ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු ඇත.

 කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment