ශී‍්‍ර ලංකා ඉන්දියා දෙවැනි එක්දින තරගය – ඉන්දියාවට ලකුණු 276ක ඉලක්කයක්

194

සංචාරක ඉන්දීය කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (20 වැනිදා) නියමිත පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 275ක් වාර්තා කළේය.

දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලූ 7කින් ජය ගනිම්න තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වීය. එ් අනුව දෙරට අතර දෙවැනි තරගයද ජයගනිමින් වේලාසනින්ම තරගාවලියේ ජය වෙන්කර ගැනීමට නම් ඊයේ සංචාරක කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී ලකුණු 276ක ඉලක්කයක් සපුරාගත යුතුව තිබිණි.

ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී කාසියේ වාසිය සමගින් පළමුවෙන් පිති ප‍්‍රහාරය දියත් කළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සාර්ථක ආරම්භයක් සනිටුහන් කිරීමට අවිශ්ක ප‍්‍රනාන්දු සහ මිනෝද් භානුක සමත්විය.ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලකුණු 36ක් ලබා සිටි මිනොද් භානුක පිටියෙන් ඉවත් කිරීමට යුෂ්වේන්ද්‍ර චහල් සමත්විය. පන්දු 42ක් පුරා දිග හැරුණු මිනෝද්ගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. භානුක රාජපක්ෂ ඊයේ තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම චහල්ගේ ගොදුරක් බවට පත්ව දැවී යද්දී ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුලූ දෙකම මුලූ ලකුණු 77දී අහිමි වී ගියේය.

තෙවැනි කඩුල්ලට පිටියට එක් වූ ධනංජය ද සිල්වා සමග එක් වූ අවිශ්ක එම කඩුල්ලට ලකුණු 47ක සම්බන්ධතාවක් දියත් කරමින් සිටියදී එම සම්බන්ධතාවට තිත තැබීමට බුවනේශ්වර් කුමාර් සමත්විය. එ් අනුව එක්දින තරග 4කට පසු අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අවිශ්ක ලකුණු 50ක් ලබා සිටයදී ශී‍්‍ර ලංකා ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වී ගියේය. තමගේ ජාත්‍යන්තර සිව්වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ අවිශ්ක සමත්වූ අතර එම ඉනිම සඳහා පන්දු 71ක් වැය වෙද්දී ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

ධනංජය ද සිල්වා පන්දු 45කදී ලකුණු 32ක් ලබා සිටයදී දීපක් චහර්ලේ ගොදුරක් බවට පත්ව දැවී ගියේය. ශී‍්‍ර ලංකා මැදපෙළ ශක්තිමත් කළ චරිත් අසලංක ඊයේ තමගේ පළමු එක්දින අර්ධ ශතකය සටහන් කිරීමට සමත්විය. සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර තරගයට කී‍්‍රඩ කළ අසලංක එහිදී පන්දු 68කදී ලකුණු 65ක් ලබා සිටයදී බුවනේශ්වර් කුමාරගේ පන්දුවක් හමුවේ දීපක් පඩික්කාල් අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේය. එම ඉනිම අලංකාර හතරේ පහර 6කින් වර්ණවත් කිරීමටද අසලංක වග බලාගෙන තිබිණි.

ශී‍්‍ර ලංකා නායක දසුන් ශානකට වැඩි වේලාවක් පිටියේ රැුඳී සිටිමට අවස්ථාව ලබා නොදුන් යුෂ්වෙන්ද්‍ර චහල් තමාගේ තෙවැනි ගොදුර ලෙසින් ලකුණු 16ක් ලබා සිටි දසුන් ශානකගේ කඩුල්ල ඩැහැ ගත්තේය. ශී‍්‍ර ලංකා ඉනිම 275 සීමාව කර රැුගෙන යෑමට වැඩි දායකත්වයක් සැපයූ චාමික කරුණාරත්න ඊයේ පන්දු 33කදී නොදැවී ලකුණු 44ක් වාර්තා කළේය. හතරේ පහර 5කින් එම එනිම වර්ණවත් කිරීමට කරුණාරත්න වග බලා ගත්තේය.

ශී‍්‍ර ලංකා ඉනිමේ අවසන් පන්දුවාර දහය තුළදී ලකුණු 81ක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සමත් වූ අතර එහිදී කඩුලූ 3ක් බිඳ දැමීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

ලකුණු සටහන.

ශී‍්‍ර ලංකාව පන්දුවාර 50දී කඩුලූ 9ක් දැවී ලකුණු 275යි (අවිශ්ක ප‍්‍රනාන්දු 50, මිනෝද් භානුක 36, භානුක රාජපක්ෂ 00, ධනංජය ද සිල්වා 32, චරිත් අසලංක 65, දසුන් ශානක 16, වනිදු හසරංග 08, චාමික කරුණාරත්න (නොදැවී) 44, දුෂ්මන්ත චමීර 02, ලක්ෂාන සඳකැන් 00, කසුන් රාජිත (නොදැවී) 01, බුවනේෂ්වර් කුමාර් 54/3, දීපක් චහර් 53/2, යුෂ්වේන්ද්‍ර 50/3)

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment